• Sat. Jan 28th, 2023

ඇඹිලිපිටියේ මරණයට හේතුව කැපුම් තුවාල – බොරු සාක්කි දුන්නා කියා බිරියට,නීතිඥයාට එරෙහිව නඩු..?

ඇඹිලිපිටියේ සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන මහතා මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරි ධර්මරත්න මහතා ඔහුව ගොඩනැගිල්ලෙන් පහළට තල්ලූ‍ කළ නිසා යැයි කියමින් බොරු සාක්කි දුන් බව කියන මරණකරුගේ බිරියට සහ ඇය ඊට පෙලඹවූ නීතිඥවරයාට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහයේ 191 වගන්තිය යටතේ නඩු පැවරීමට පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පියවර ගෙන තිබේ.

යම් සැකකරුවකුට මරණ දඬුවම ලැබිය හැකි වරදකට යමකු බොරු සාක්කි දුන් බවට අධිකරණය ඉදිරියේ ඔප්පු වුවහොත් දණ්ඩ නීති සංග‍්‍රහයේ 191 වගන්තිය යටතේ ඊට අදාළ දඬුවම වෙන්නේ බරපතළ වැඩ ඇතිව වසර දහයක සිරදඬුවමක් ලැබීමයි.

මෙම සිද්ධියේදී මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන මහතාගේ මරණය සිදුවීමට හේතුව බහුවිධ ඉන්ද්‍රියන්ට වූ හානිය නිසා බව ඊයේ (18* ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියේ තීරණය වීමෙන් පසු සුමිත් ප‍්‍රසන්නව සහකාර පොලිස් අධිකාරි ධර්මරත්න මහතා සාදය පැවැත්වූ ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සිට තල්ලූ‍ කළ බවට ඉදිරිපත් වූ බොරු සාක්කිවලට එරෙහිව නඩු පැවරීමට මෙසේ තීරණය වී තිබේ.

මෙම සිද්ධිය හරහා පොලිසියට අත්විඳීමට සිදුවූ දැඩි අපහාසය නිසා ඇතැම් පිරිස් ඉන් පසුවද විවිධ අවස්ථාවලදී පොලිසිය නොතකා නීතිය ඔවුන් අතට ගෙන ක‍්‍රියා කරන අවස්ථා ගණනාවක් වාර්තා වී තිබිණි.

සිද්ධියේදී මියගිය සුමිත් ප‍්‍රසන්න මහතාව එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ සිට සහකාර පොලිස් අධිකාරි ධර්මරත්න මහතා උස්සා බිමට තල්ලූ‍ කරනු ඇසින් දුටු බව ‍ඔහුගේ බිරිය සහ තවත් පුද්ගලයකු සාක්කි දී තිබිණි. ඊට අමතරව සහකාර පොලිස් අධිකාරි ධර්මරත්න මහතා සුමිත් ප‍්‍රසන්න තල්ලූ‍ කෙළේ නැති බවට දමිත් දේශාන් නමැති අයකු සාක්කි දී තිබිණි. එම සාක්කිකරුට එක්තරා නීතිඥවරයකු බැණ තර්ජනය කළේ යැයි ඔහු පැමිණිල්ලක් ද කැර තිබිණි.

දණ්ඩ නීති සංග‍්‍රහයේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ එම නීතිඥවරයාට එරෙහිවත් බොරු සාක්කි දීමට එරෙහිවත් මෙසේ නඩු පැවරීමට එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඊයේ පස්වරුවේම සාකච්ඡුා කැර තීරණය ගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *