• Thu. Feb 2nd, 2023

යෝෂිත බේරන්න ගිය කෙහෙළිය මාධ්‍ය ඉදිරියේ නිරුත්තර වේ – අවසානයේ නැගිට යයි..! (Video)

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් ඊයේ (19) පැවැත්වූ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න හමුවේ මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල නිරුත්තර වී තිබේ.

යෝෂිත රාජපක්ෂ බොරු චෝදනා ඉදිරිපත් කර අත්අඩංගුවට ගෙන ඇති බව එම මාධ්‍ය හමුවේදී කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති අතර ඉන් පසුව මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදියෙකු මන්ත්‍රීවරයාගෙන් විමසූ ප්‍රශ්න කිහිපය මෙසේය.

1. සී.එස්.එන්. නාලිකාව මුදල් සොයාගත් ආකාරය මාධ්‍යවලට ඉදිරිපත් කරනවා වගේ ඇයි අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැත්තේ?
සේවයකයින්ට පඩි ගෙවීමේදී යෝෂිත රාජපක්ෂ අත්සන් කරලා තියෙනවා නේද?

2. අධ්‍යක්ෂකවරයා ඇයි සන්නාම තානාපතිවරයාට යම් යම් නිර්දේශ ලබා ගැනීම සඳහා ඊ මේල් යවන්නේ?

3. රජයේ සේවකයකු පෞද්ගලියක ආයතනයක සන්නාම තානාපතිවරයකු වන්න පුළුවන්ද?

යන ප්‍රශ්න කිහිපය විමසීමේදී මන්ත්‍රීවරයා ඊට නිවැරදි පිළිතුරක් ලබා දීමට නොහැකි වී තිබේ. එම වීඩියෝව පහතින්,

 

https://facebook.com/apearata/videos/918662238241578/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *