දෙමළ භාෂාව කතාකිරීමට හැකි පුද්ගලයෙකු උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් සතුටට පත් වන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් පවසයි.
දෙමළ ජනතාවගේ ගැටළු දෙමළ භාෂාවෙන් කතාකර විසදීමට හැකි අයෙකු ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තූතිය පුද කරන බව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
උතුරු පළාත් නව ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ වැඩභාර ගැනිමේ අවස්ථාවට එක්වෙමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා මෙම අදහස් පළ කර ඇත.
රෙජිනෝල්ඩ් කුරේ මහතා ගුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති බැවින් සමානව සැළකිමේ ලක්ෂණය ඔහු තුළින් දැකගත හැකි බව විග්නේෂ්වරන් මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම දෙමළ ජනතාවට ආදරය දක්වා කටයුතු කළ විජය කුමාරතුංග මහතාගේ දේශපාලන පක්ෂය තුළද රෙජිනෙලේඩ් කුරේ මහතා කටයුතු කර ඇති බැවින් එම ගතිගුණ ද ඔහු තුළින් අපේක්ෂා කළ හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා සඳහන් කර ඇත.