• Fri. Feb 3rd, 2023

රාජපක්ෂලාට එරෙහිව සුමනදාසත් කට අරියි..! (Video)

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් ඊයේ පවත්වන ලද විශේෂ පුවත් පත් සාකච්ඡුාවක් හා දුරකතනයෙන් සජීවීව සම්බන්ධ වූ හිටපු ජනාධිපතිගේ රාජකීය දෛවඥ සුමනදාස අබේගුනවර්ධණ විසින් පසුගිය කාලයේ රාජපක්ෂ රෙජිමය විසින් කරන ලද නීතී විරෝධි ක‍්‍රියාවන් රාශියක් එලිදරව් කලේය.

තාජුඞීන් ඝාතනයට කෙලින්ම චෝදනා එල්ලවන සහ මෑතකදි ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් ලෙස මාධ්‍ය විසින් හඳුනාගෙන ඇති මේජර් තිස්ස ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ, ඔවුන් ගතකලේ අමුතුම ජීවන රටාවක් බවය.Sumanadasa-

මේ චෝදනා ගැන ඔහු පුදුම නොවෙන බවත්, ඔහු විසින් මිලියන ගනනක් වටිනා විශාල මන්දිරයක් රාජගිරිය ඔබේසේකර වලව්ව ඉදිරිපිට ඉඳිකර ඇති බවත්, ජනාධිපති තුමා සමඟ නිතරම සිටින මේජර් නෙවිල් නැමැත්තාට හම්බන්තොට විශාල මන්දිරයක් ඇති බවත් ඒවායේ සියළුම නැකත් කටයුතු සිඳුකලේ තමා බවත් සඳහන් කරන ලදි.

බැසිල් රාජපක්ෂ සතු අක්කර පහළොවකට වඩා වැඩි ඉඩමක විශාල මන්දිරයක් ඇති බවත්. එය ඇත්තේ ඔහුගේ නමට නොව නිරූපමා රාජපක්ෂගේ ස්වාමිපුරුෂයා වන තිරු නඬේෂන්ගේ නමට බවත් ඔහු විසින් හෙලි කරන ලදි.

මෙහිදි සුමනදාස හෙලිකල තවත් කරුණක් සනාත කිරීම සඳහා ලංකා පුත‍්‍ර බැංකුවේ සභාපති සජීවීව සම්බන්ධ කරගත් රන්ජන් සඳහන් කර සිටියේ 2006 ආරම්බ කළ මෙම බැංකුවේ වත්කම් රුපියක් බිලියන 8ක් බවත් එයින් බිලියන 5 ක් ගාමිණි සෙනරත්ගේ නියෝග අනුව රාජපක්ෂ පවුලේ හිතවතුනට බෙදා හැර ඇති බවත්, එයින් බිලියන 2 ක මුදලක් බොල් ණය ලෙස කපා හැර ඇති බවත්ය.

මෙහිදි වසර දෙකකට පෙර ජනාධිපතිවරණය පැවත්වීමට නැකත් සදා දීම පිළිබඳව සුමනදාස මහතාට ස්තූති කල නියෝජ්‍ය ඇමතිතුමාට සුමනදාස මහතා සඳහන් කර සිටියේ, ඉදිරියේදිත් තමන් දන්න සියළුම දේ හෙලි කිරීමට සූදානම් බවත්ය.

https://facebook.com/apearata/videos/918639278243874/

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *