• Sat. Jan 28th, 2023

මහින්දගෙන් ශ‍්‍රී ලන්කන් එකට ලක්ෂ 1134ක පොල්ලක්..!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ගමන් බිමන් සඳහා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ ජනාධිපති මන්දිරයෙන් ලැබිය යුතු රුපියල් ලක්ෂ එක්දහස් එකසිය තිස් හතරක මුදලක් නොගෙවා පැහැර හැර තිබේ.

වසරක් තුළදී හිටපු ජනාධිපතිවරයා ප‍්‍රමුඛ කාර්ය මණ්ඩලය විදෙස් ගමන් සඳහා ශ‍්‍රීලන්කන් ගුවන් සමාගමට ගෙවිය යුතු මෙම මුදල්වලට මහින්ද රාජපක්ෂ මහතා‍ගේ පෞද්ගලික ගමන් ගණනාවක වියදම් ද එකතු කර තිබේ.

ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර හිටපු ජනාධිපතිවරයා බාරයක් වීම සඳහා ඉන්දියාවේ තිරුපති කෝවිලට ගිය ගමනට රුපියල් ලක්ෂ 34කට වැඩි මුදලක් ද, තවත් පෞද්ගලික ගමන් ගණනාවක වියදම් ද රජයෙන් ගෙවිය යුතු මුදල් අතරට එකතු කර තිබේ.

හිටපු ජනාධිපති ලේකම්වරයා විසින් එම මුදල් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමට නොගෙවීම නිසා 2007 වර්ෂයේ සිට එම සමාගමට දැරීමට සිදුවී ඇති රුපියල් කෝටි ගණනක මූල්‍ය පාඩුවට හේතු වී ඇත. එම සමාගම දැඩි මූල්‍ය අර්බුදයක සිරවී සිටියදී සමාගමෙන් සේවා සපයා ගත් තවත් ආයතන ගණනාවක් මුදල් ගෙවීම පැහැර හැර ඇති බව පසුගියදා (12* පැවැති කෝප් කමිටුවේදී අනාවරණය විය.

එසේ ගෙවීම් පැහැර හරින ලද ආයතන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය ලක්ෂ 283, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ලක්ෂ පහයි. ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය ලක්ෂ 450, සී.ඩබ්.සී. හම්බන්තොට 2018 පෞද්ගලික සමාගම සහ සංචාරක මණ්ඩලය ලක්ෂ විසි හතක් ද වෙයි. හිටපු ජනාධිපතිවරයා ටෝකියෝ, මාලේ, බැංකොක් සහ සීෂෙල්ස් යන රටවල් ගණනාවක පෞද්ගලික ගමන් සඳහා ගිය වියදම් ද ඊට එක් කර තිබේ.

රාජ්‍ය නායකයකුගේ රාජකාරි ගමන්වලට අමතරව සිදුවෙන පෞද්ගලික ගමන් සඳහා යන වියදම් කිසිවක් ජනාධිපති කාර්යාලය මඟින් ගෙවන රජයේ වියදම්වලට එකතු කළ නොහැකි බව කෝප් කමිටුව හමුවේ සාකච්ඡුාවට භාජනය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *