• Thu. Feb 2nd, 2023

ලංකාවේ තරුණියන් 9,400කගේ කන්‍යාභාවය නැති වුණ වැලන්ටයින් දවසේ වෙච්ච දේවල් මෙන්න

ආදරවන්තයන්ගේ දිනයේදී අවුරුදු 21කට අඩු තරුණියන් 9,400කගේ කන්‍යාභාවය නැතිවෙන බව ඔබ ප‍්‍රකාශ කරන්නේ දැඩි වගකීමකින්ද?

ඔව්. දැඩි වගකීමකින්. එය ඔප්පු කළ හැකි සාක්ෂි සහ වාර්තා මා සතුයි. විවිධ පාර්ශ්ව ලබා දුන් නිවැරැුදි තොරතුරු පදනම් කරගෙනයි මෙම කරුණු ඉදිරිපත් කරනු ලබන්නේ. මේ සම්බන්ධයෙන් මුලින්ම වාර්තා ලබා ගැනීම ආරම්භ කරන්නේ 2011 වර්ෂයේදීය. 2011 සිට 2016 වර්ෂය දක්වා සෑම අවුරුද්දකම කරනු ලැබූ සමීක්ෂණ මීට ඇතුළත්.

ඔබ ඔය සාක්ෂි හා තොරතුරු ලබාගන්නේ කාගෙන්ද?
සියලූ‍ම වර්ගයේ ගබ්සා මධ්‍යස්ථානවලින්. විශේෂඥ වෛද්‍යවරුන් ලබා දුන් තොරතුරු. හෝටල් හිමියන් හා සේවකයන් ලබා දෙන කරුණු, ෆාමසිවලින් ලබා ගන්නා කරුණු ඇතුළු තවත් ආයතන හා විවිධ ක්‍ෂේත‍්‍රවල පුද්ගලයන් සිටිනවා. ෆාමසිවලින් ලබා ගන්නා තොරතුරු සඳහන් කරන්න පුළුවන්. මේ සියලූ‍ තොරතුරු සහිත සමාජ විද්‍යාත්මක පර්යේෂණයකින් පසුවයි මේ සංඛ්‍යා ලේඛන ලැබෙන්නේ.

නමුත් 9,400ක් තරුණියන්ගේ කන්‍යාභාවය එක් දිනයකදී හෝ දෙකකදී කෙලෙසනවා කියලා ඔබ වගකීමෙන් කියන්නේ කොහොමද?
අවුරුදු 13, 14, 15, 16, 17 වයස්වල දැරියකට ලිංගික අධ්‍යාපනය කියන දේ ලැබෙන්නේ නැහැ. මේ දේ සිදුවෙලා ඊට පහුවැනිදා ගබ්සා මධ්‍යස්ථානයකට ගියොත් සියල්ල හරි කියන වැරැුදි මතය මේ දරුවන්ගේ සිත්වලට ඇතුළු කරන්න හරිම ලේසියි. මේ දැරියන් රවටන තරුණ පෙම්වතා හෝ අදාළ පුරුෂයා මේ මතය හරිම උපක‍්‍රමශීලී සහ නිර්මාණශීලී ලෙස මෙම දැරියන්ගේ සිත්වලට රිංගවනවා.

කොළඹ, කළුතර, මීගමුව, ගම්පහ, මහනුවර, මාතලේ, යාපනය වැනි ප‍්‍රදේශවල පෙබරවාරි 17, 18, 19 යන දිනවල සිදු කරනු ලබන ගබ්සා කිරීම ඉතා ශීඝ‍්‍රලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම මේ ප‍්‍රදේශවල හෝටල් හිමියන්ගෙන් ලද තොරතුරු ඉතා වැදගත්.මේ තරුණ තරුණියන් හෝටල් කාමරයක් මිලදීගෙන එන්නේ ඒ කාමරයේ ලස්සන බල බල ඉන්න නෙවෙයි.

කුමන වයස් සීමාවල තරුණ තරුණියන්ද මෙම හෝටල් කාමරවලට පැමිණෙන්නෙ?
බොහෝ විට පිරිමි දරුවන් අවුරුදු 21 සිට 23 දක්වා වයස් කාණ්ඩ දක්වා සිටිනවා. ගැහැනු දරුවන් අවුරුදු 21ට වඩා අඩුයි. ඒ වගේම පාසල් යන අවුරුදු 15, 16, 17 වයස්වල දැරිවියනුත් මේ අතර සිටිනවා. පසුගිය අවුරුදු හතරේදී පෙබරවාරි 14 වැනිදායින් පසුව මානසික රෝගී තත්ත්වයන්ට පත් වූ දැරියන් පිළිබඳ වාර්තාවක් විශේෂඥ වෛද්‍යවරුන් හත්දෙනකුගෙන් ලබාගෙන තියෙනවා.

සමහර තරුණියන් තමන්ගේ මවුපියන් හෝ භාරකාරයන් සමඟත්, සමහර තරුණියන් තමාගේ පෙම්වතා සමඟත් පැමිණිලා මේ කන්‍යාභාවය සම්බන්ධයෙන් මතු වූ ගැටලූ‍ ප‍්‍රකාශ කරලා වෛද්‍ය උපදෙස් ලබාගෙන තියෙනවා. ඒ වගේම සමහර ළාබාල තරුණියන් ප‍්‍රථම ලිංගික එක්වීමෙන් පසුව අධික ලෙස රුධිරය වහනය වීම නිසා ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුන් මුණගැහෙනවා. එහිදී මුහුණ දුන් අත්දැකීම විස්තර කරනවා.

මේ දිනයත් සමඟ තරුණියන්ගේ මානසික ආතතිය ඉහළ යන බවත් ඔවුන් සියදිවි නසා ගැනීමට පෙලඹෙන බවත් ඔබ ප‍්‍රකාශ කරලා තිබුණා. ඒ ඇයි?
වැලන්ටයින් දිනයෙන් පසු පෙබරවාරි 15, 16 යන දිනවල තරුණියන්ගේ දිවිනසා ගැනීම් තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. කන්‍යාභාවය විනාශ වීම, ලබා දුන්නු තෑග්ග පිළිබඳව යම් යම් තක්සේරු ඇති වීම, පෙම්වතා හෝ පෙම්වතියට තවත් පෙම්වතියක හෝ පෙම්වතකු සිටින බවට තොරතුරු හෙළි වීම, එස් එම් එස් පණිවුඩ මාරුවෙලා ඒ වගේ දේවලූ‍ත් අහන්න ලැබෙනවා.

අන්තර්ජාලයේ ෆෙස්බුක් හරහා ඇතැම් දරුවන් ප‍්‍රථම ලිංගික එක්වීම හා කන්‍යාභාවය විනාශ වීම ගැන සඳහන් කරනවා. පිරිමි දරුවන් සමහර ඡුායාරූප පළ කරමින් තමන්ගේ පෙම්වතියගේ කන්‍යාභාවය සිඳීම ගැන මහත් ආඩම්බරයෙන් තමන්ගේ යහළුවන්ට ප‍්‍රකාශ කරන්නේ වීර ක‍්‍රියාවක් හැටියට.

මේවා අන්තර්ජාලයෙන් බලාගන්න පුළුවන්. සමාජ පරීක්ෂකයන් 180 දෙනකු පමණ කරන සමීක්ෂණවලින් ලබා ගත් තොරතුරු අනුව තමයි අවුරුදු 21කට අඩු තරුණියන් 9,400කගේ කන්‍යාභාවය නැතිවන බව ප‍්‍රකාශ කරන්නේ. එය ඉතා වගකීමෙන් කියන්නේ.

මෙවර ආදරවන්තයන්ගේ දිනය සැමරීම සම්බන්ධයෙන් වාර්තාවූ සුවිශේෂී කරුණු තිබෙනවාද?
මෙවර මේ අනතුරු ඇඟවීමට අදාළ ප‍්‍රවෘත්තියක් පුවත්පතක මුල් පිටුවේ පළවෙලා තිබුණා. ඒ නිසා සමාජයේ දැඩි අවධානයක් ඒ පුවතට ලැබුණා. ඒ පුවත මුල් කරගෙන ඇතැම් මාධ්‍ය මේ පිළිබඳව කතා කළා. කාන්තා හා තරුණ කටයුතු සම්බන්ධයෙන් වැඩ කරන සංවිධාන මේ ප‍්‍රවෘත්තියෙන් රත්වෙලා තිබෙන බවක් පෙන්නුම් කරලා තියෙනවා. නමුත් ඒ සංවිධානවලට අවශ්‍ය වෙලා තිබුණෙ අපට තොරතුරු ලබාදෙන පුද්ගලයන් හා ආයතන පිළිබඳවයි. නමුත් මේ ඛේදවාචකය නවත්වන්න ඕනෑ කියන එක ගැන එම සංවිධාන වැඩි අවධානයක් යොමු නොකිරීම කනගාටුවට කරුණක්. පෙබරවාරි 16 වැනිදා දිනය තුළ පමණක් හෝටල් කාමර සංඛ්‍යාව වෙන් කිරීම සාමාන්‍ය දිනවලට වඩා 4,000 ගුණයකින් එක පාරටම වැඩි වීම සහ අවුරුදු 21ට අඩු තරුණියන් එම කාමරවලට පැමිණි බව ලිඛිත සාක්ෂිත් තියෙනවා. මෙවර ආදරවන්තයන්ගේ දිනය සමරන ආකාරය ගැන තොරතුරු තවම ලැබෙමින් පවතිනවා. ඒ සංඛ්‍යාව පසුගිය අවුරුදුවලට වඩා වැඩි මිසක් අඩු වෙන්නේ නැහැ.

ගබ්සා මධ්‍යස්ථාවලින් තොරතුරු ලබා ගැනීම අපහසු නැද්ද?
නැහැ. ඒවාට ක‍්‍රම සහ විධි තියෙනවා. සාමාන්‍යයෙන් ගබ්සා සිදුකර ගන්න පැමිණෙන සංඛ්‍යාව පෙබරවාරි 15 – 20 අතර කාලය තුළදී සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. සාමාන්‍යයෙන් දිනකට ගබ්සා 50ක් සිදු කරන ස්ථානයකට දිනකට 200ක් පමණ මේ දිනවල පැමිණෙනවා. සමහර දැරිවියන් තනියම ඉතා අසරණව මෙම ස්ථානවලට එනවා. සමහර පෙම්වතුන් දැරියන් බලහත්කාරයෙන් කැඳවාගෙන ඇවිල්ලා ගබ්සා සිදු කරනවාලූ‍. මොනතරම් වේදනාවකට, කම්පනයකට මෙම දැරියන් ගොදුරු වනවා ඇද්ද?

ෆාමසිවලින් ලබා ගන්නේ මොනවගේ තොරතුරුද?
උපත් පාලන කොපු, උපත් පාලන පෙති සහ ගැබ්ගෙනද කියලා පරීක්ෂා කෙරෙන උපකරණ අලෙවිය 11 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. මේ සංඛ්‍යා ලේඛන මීට වඩා වැඩි මිසක් මීට වඩා අඩු වන්නේ නැහැ.

අන්තර්ජාලය, සමාජ වෙබ් අඩවි මෙම ඛේදවාචකයට කරනු ලබන බලපෑම කුමක්ද?
අතිවිශාල බලපෑමක් කරනවා. විශේෂයෙන්ම මේ දිනයේදී තමයි ආදරයේ උතුම් බව පුද කරන්න ඕනෑ කියන මතය මීට පෙර යම් යම් ආකාරයෙන් සමාජය තුළ තිබුණත් එය සමාජයේ කිදා බැසීමකට ලක්කළේ අන්තර්ජාලය හරහායි. සමාජය, ජීවිතය ගැන බරපතළකමක් නොතේරෙන අහිංසක දැරියන් මෙහිදී රැුවටෙනවා. ඔවුන්ට මේවායේ බරපතළකම වැටහෙනවිට සියල්ල සිදුවී හමාරයි. ඇතැම් ජාත්‍යන්තර පාසල්වල සිසුවියනුත් මෙම ඛේදවාචකයට ශීඝ‍්‍ර ලෙස ගොදුරු වෙමින් සිටිනවා.

ආදරවන්තයන්ගේ දිනය ඉලක්ක කරගෙන සිදුවන වෙළෙඳපොළ, තරගකාරීත්වය හා ඇතැම් තරග මේ ඛේදවාචකය සඳහා කරනු ලබන බලපෑම් කවරේද?
අතිවිශාල බලපෑමක් සිදු කරනු ලබනවා. මල්වතු ආශ‍්‍රිතව, මුහුදු වෙරළ ආශ‍්‍රිතව පවත්වන උත්සවවලින් පසුව ඊට පසුදා එළිවෙන්න මේ ප‍්‍රදේශවලට ගියොත් මං කියන්නේ බොරුද කියලා හොඳින්ම දැකබලා ගන්න පුළුවන්. ඒ වගේම ඇඟලූ‍ම් කර්මාන්තශාලා වැඩිපුර තියෙන ප‍්‍රදේශවලත් මෙවැනි උත්සව පැවැත්වෙනවා. කාන්තාවන්ගේ පැමිණීම ඉහළ නිසා.

මුහුදු වෙරළේ ප‍්‍රධාන උත්සව 6ක් මෙවර ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් සංවිධාන කරලා තිබුණා. ඒ වගේම මල්වතු ආශ‍්‍රිතව තවත් උත්සව 3ක් සංවිධානය කරලා තිබුණා. මෙම ඇතැම් උත්සවවලට ඇතැම් මාධ්‍ය මඟින් අතිවිශාල ප‍්‍රසිද්ධියකුත් ලබා දීලා තිබුණා. මේවාට තරුණ තරුණියන් දහස් ගණනක් පැමිණුනා. ඊළඟ දිනයේ උදෑසන මේවා අස්පස් කරන නගර සභා සේවකයන්ගෙන් ගන්න පුළුවන් මේ ගැන ඉතා හොඳ වාර්තාවක්. අහක දමා ගිය යට ඇඳුම් හමුවෙලා තියෙනවා. සමහර වෙලාවට පිරිමි දරුවන් කලිසම් පවා දමා ගිහිල්ලා. ඇඳුම්වල විවිධ උපාංග හොයා ගන්නත් පුළුවන්. ඒ වගේම උපත් පාලන කොපු සහ ඒවා ඇසුරුම් කර තිබුණු කවර හොයා ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් එදිනෙදා පවත්වනු ලබන සංගීත ප‍්‍රසංග හෝ උත්සවවල මෙවැනි දේවල් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ආදරවන්තයන්ගේ දිනය ඉලක්ක කරගෙන පැවැත්වුණු උත්සවවල මෙවැනි දේවල් සාමාන්‍ය වෙලා.

මීට අමතරව මෙවර ආදරවන්තයන්ගේ දිනය ඉලක්ක කරගෙන පැවැති විශේෂ තරග මොනවාද?
මෙම තරග ඇතැම් මාධ්‍ය හා අන්තර්ජාලය හරහා දින කිහිපයකටම පෙර සිට ප‍්‍රසිද්ධ කරන්න ගත්තා. නමුත් ඇතැම් සංඝයා වහන්සේ සහ ඇතැම් ආගමික සංවිධාන මේවාට දක්වපු දැඩි විරෝධය හේතුවෙන් ඇතැම් උත්සව පැවැත්වූයේ නැහැ. කළුතර හා හික්කඩුවේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සව දෙකක් වැළකුණේ කවුරුන් හරි ඒ ස්ථානයට ක්‍ෂණිකව කඩාපැනලා විරෝධතාව මතු කරයි කියලා රාවයක් පැවතුණු නිසා. නමුත් කොළඹ තරු පහේ හෝටල්වල නම් විවිධ තරග පැවැත්වුණා.

නැටුම් තරග, කේක් කෑමේ තරග, බනිස් කෑමේ තරග පැවැත්වුණා. තරුණයාගේ ඇෙඟ් චොකලට් ගාලා තරුණිය ලෙවකන තරගයක් පවත්වලා තියෙනවා. මේ තරගවලින් දිනන පෙම්වතාට, පෙම්වතියට ඇතැම් හෝටල් ලබා දීලා තියෙන්නේ හෝටලයේ රාත‍්‍රිය ගත කිරීමට සුපිරි කාමරයක්. තවත් සුපිරි හෝටල් 2ක පැවැත්විලා තියෙන්නේ ඇස් ගැටගහලා තරුණ තරුණියන් මාරු කරලා. තමන්ට මුණගැහෙන තරුණ ජෝඩු තමයි ඊට පසුව එදා දිනය පුරාවට පෙම්වතුන් වශයෙන් ඉන්නේ. කුසපත් ඇදලා පෙම්වතුන් තෝරාගෙනත් තිබෙනවා. මීට අමතරව පිටරටවල සුපිරි හෝටලවලට මෙහේ ඉන්න සල්ලිකාර පවුල්වල, ඒ වගේම ඇතැම් ප‍්‍රභූන්ගේ පවුල්වල තරුණ තරුණියන් ගිහිල්ලා තියෙනවා. ආදරවන්තයන්ගේ දිනය ඉලක්ක කරගෙන පිටරට හෝටලවල නවතින්න යන වැඩසටහන් රැුසක් ක‍්‍රියාත්මක කරලා තියෙනවා.

දැන දැනම තරුණියන් මෙවැනි ඛේදවාචකයකට මුහුණ දෙනවා නම් මේවාට නීති – රීති නැද්ද?
මේවාට නීති – රීති නැහැ. මේ සඳහා මේ තරුණියන් යන්නේ බොහොම කැමැත්තෙන් කියලා තමයි ආරංචි වන්නේ. ඇතැම් හෝටලවල සිසිටීවී කැමරා පරීක්ෂා කිරීමේදී පෙන්නුම් කරන්නේ තරුණියන් හෝටලයට පිවිසෙන්නෙ ඉතා උද්‍යොගයෙන් හා කැමැත්තෙන් බවයි. ඉතින් මේ දරුවන්ගේ පෞරුෂය විනාශ කිරීම ආරම්භ කරගන්නේ එදාමයි. මේක ඉතා බරපතළ තත්ත්වයක්.

නමුත් ඇතැම් තරුණ පිරිස් ප‍්‍රකාශ කරනවා නේද ඕපන් කල්චර් එකක් අවශ්‍යයි කියලා.
එහෙම කියන පිරිසක් ඉන්නවා. මොකක්ද? ඔය ඕපන් කල්චර් එක කියන්නේ. තමන්ට ඕනෑම දෙයක් කිරීම සඳහා ඒ සෑම දෙයක්ම සාධාරණීයකරණය කිරීම තමයි ඕපන් කල්චර් කියලා කියන්නේ. බීමත්කම සාධාරණීයකරණය කිරීම, දුම්බීම සාධාරණීයකරණය කිරීම, බියර් පානයට පළමු වතාවට යොමු වීම, වයින් බීමට පළමු වතාවට යොමු වීම, පාසල් දරුවන් මුලින්ම උත්සාහ කරන දිනයක් බවට මේ ඕපන් කල්චර් එක තුළ පත්වෙනවා.

ආදරවන්තයන්ගේ දිනයට පෙර මෙවැනි දේවල් අපේ රටේ සිදුවුණේ කොහොමද?
මීට කලින් ඔය ඕපන් කල්චර් එක කියාගෙන මුලින්ම අරක්කු, බියර්, වයින්, සිගරැුට් බොන්න පාසල් පිරිමි දරුවන් පෙලඹුණේ පාසල් අතර ක‍්‍රිකට් තරග ( බිග් මැච්* පටන් ගන්නා කාලෙදි. පාසල් යන ගමන් මුල්වරට අරක්කු, සිගරැුට්, බියර්, වයින් පානය කරන දරුවන් 2,500ක් පමණ ප‍්‍රධාන පාසල් අතර පවතින බිග් මැච්වලදී දැක ගන්න පුළුවන්. ඒ පටන්ගත්තු බීම අතිබහුතරයක් දරුවන් දිගටම ගෙනයෑම මහා ඛේදවාචකයක්. ඒ වගේම ආදරවන්තයන්ගේ දිනයේදී ඇතැම් දියණියවරුන් මුල්වරට තම පෙම්වතා සමඟ වයින්, බියර් හෝ මත්පැන් පානය කරපු අවස්ථාත් දකින්න ලැබෙනවා.

ආදරවන්තයන්ගේ දිනයට මෙතරම් සමාජයට බලපෑමක් කරන්න පුළුවන් වෙන්නේ කොහොමද?
මීට වසර 25කට 30කට පෙර මෙවැනි දේවල් තිබුණේ නැහැ. නමුත් ආදරයේ නියම සුන්දරත්වය යෞවන යෞවනියන් වින්දා. මේ වෙළෙඳ ප‍්‍රජාව හා ඇතැම් මාධ්‍ය ආයතන තමයි තමන්ගේ පටු වාණිජ අරමුණු ගැන හිතලා මෙවැනි ප‍්‍රබල බලපෑමක් සමාජයට සිදු කරන්නේ. මේ ආදරවන්තයන්ගේ දිනය හේතුවෙන් වෙනදාට එක රෝස මලක් විකිණෙන

වෙළෙඳසලක එදාට පමණක් රෝස මල් විකිණීම හයසිය ගුණයකින් වැඩි වෙනවා. ඒ වගේම එදාට විකිණෙන චොක්ලට් ප‍්‍රමාණයත් හයසීය (600* ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. හෝටලවල කාමර වෙන් කිරීම සිය ගුණයකින් පමණ වැඩිවෙනවා නම් මේකේ බරපතළකම පේනවානේ.

ඒ වගේම තාරුණ්‍යය සම්බන්ධ විවිධ වෙළෙඳ භාණ්ඩ ආයතන සමාගම්වලින් මෙන්ම උත්සව සඳහා ඕනෑ තරම් අනුග‍්‍රහ ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඉක්මනට සම්බන්ධ වීමට අන්තර්ජාලය හරහා වත්මන් තරුණ පරපුරට පුළුවන්. මීට වසර 20කට, 30කට කලින් රෝස පාට කඩදාසිවල පෙම් හසුන් ලියාගෙන ඒක පෙම්වතියට හෝ පෙම්වතාට දෙන්න අවුරුදු ගාණක් බලාගෙන ඉන්නවා. ඇඟිල්ලකින් අල්ල ගන්න තව අවුරුදු ගාණක් බලාගෙන ඉන්නවා. චිත‍්‍රපටයක් බලන්න යන්න තව අවුරුදු ගාණක් බලාගෙන ඉන්නවා. මවුපිය කැමැත්ත වැඩිහිටි ආශීර්වාදය ගන්න තව අවුරුදු ගාණක් බලාගෙන ඉන්නවා. අද එහෙම නෙවෙයි. එක දවසින් යාළුවෙලා සේරම වැඩත් එක දවසකින්ම අහවර වෙනවා. ඕකයි තියෙන වෙනස. සමාජ සාරධර්ම පිරිහීම මීට ප‍්‍රධාන හේතුවයි.

පිටරටවල ආදරවන්තයන්ගේ සැමරුම් කොහොමද?
පිටරටවලත් වෙළෙඳ මාෆියාව ක‍්‍රියාත්මකයි. නමුත් යෞවන යෞවනියන්ට අමතරව වැඩිහිටි පරම්පරාවේ මවුපියන්, ගුරුවරුන්, ආච්චිලා, සීයලා අතරත් මෙය සැමරෙනවා. එහි වරදක් නැහැ. හැමෝම ආදරයට කැමැතියි. දෑස් නොපෙනෙන වැඩිහිටියකුට උපැස් යුවළක් ලබා දීම, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට ආදරයට තෑගි ලබා දීම සිදු කරන්න පුළුවන්. නමුත් අපේ රටේ වෙළෙඳ ප‍්‍රජාව මෙන්ම ඇතැම් මාධ්‍ය ආයතන ඇතිකරලා තියෙන්නේ තරුණ තරුණියන් උන්මාදයට පත්වෙන ආදරවන්තයන්ගේ දිනයක්.

ඒ වගේම අපේ රටේ අනියම් ඇසුරු පවත්වාගෙන යන තරුණ තරුණියන්ට තෑගි බෝග ලැබෙන්නේ, මේ ආදරවන්තයන්ගේ දිනයේදී. ඒ වගේම ඉ.ර්.ඉ. පණිවුඩ මාරුවෙලා යැවිලා විවිධ ප‍්‍රශ්න ඇති වෙන්නේත් අපේ රටේ ආදරවන්තයන්ට. නමුත් පාකිස්තානය, ඇෆ්ගනිස්තානය ඇතුළු මුස්ලිම් රටවල් 6ක් මෙම ආදරවන්තයන්ගේ දිනය තහනම් කරලා තියෙනවා. ඔවුන්ගේ ආගමික හා සංස්කෘතික කරුණු අනුව තරුණ පරපුර මෙම ඛේදවාචකයෙන් බේරා ගන්නයි එහෙම කරලා තියෙන්නේ.

මෙම සැමරීම් සමඟ මත්උවදුර, මත්කුඩු ප‍්‍රබලව සමාජගත වීමේ අනතුරක් තිබෙනවාද?
ඉතා පැහැදිලිව තිබෙනවා. පසුගිය දිනයේ පමණක් නෙවෙයි, ආදරවන්තයන්ගේ දිනය සමරන හුඟක් උත්සවවලට මත්කුඩු රැුගෙන එන පිරිසක් ඉන්නවා. ඒ වගේම මේක මත්කුඩු මාෆියාවේ එක්තරා බිස්නස් එකක් බවටත් ආදරවන්තයන්ගේ දිනය පත්වෙලා තිබෙනවා. ඕඥචජඩ ර්ථීචපබරවලට මත්කුඩු අනිවාර්යයෙන්ම ගෙන එන කණ්ඩායම් සිටිනවා. මත්කුඩු එවන්නෙත් ආදරවන්තයන් හරහාමයි. ඒ අනුව සෑම ආදරවන්තයන්ගේ දිනයකදීම මත්කුඩුවලට ඇබ්බැහි වන තරුණ පරම්පරාවක් අපේ සමාජයට අලූ‍තෙන් එකතු වෙනවා. ඒ වගේම සිරින්ජර කටුවලින් බෙහෙත් විද ගැනීම, අනාරක්ෂිත ලිංගික එක්වීම් නිසා සමාජ රෝගවලටත් ගොදුරු වීමේ වැඩි ඉඩක් තිබෙනවා.

මේ ව්‍යසනය නවත්ත ගන්නේ කෙසේද?
සමාජයේ සියලූ‍ම කොටස්වල මේ ගැන දැඩි වගකීමක් තිබෙනවා. දරුවන්ගේ ආදරයට, නිදහසට අවශ්‍ය නිදහස ලබා දිය යුතුයි. නමුත් එහි සීමාව කුමක්ද? මවුපියන්ට, භාරකරුවන්ට, ගුරුවරුන්ට විශාල වගකීමක් තියෙනවා. අවුරුදු 16ට අඩු ගැහැනු දරුවන් තමන්ගේ කැමැත්තෙන් ආවත් එය නීති විරෝධීයි. ඒ ගැන හොයන්න පොලිසියේ ළමා කාර්යාංශයට වගකීමක් තියෙනවා. ජනමාධ්‍ය ආයතනවලටත් වගකීමක් තියෙනවා. මේ සියලූ‍ම දෙනා වගකීම, යුතුකම ඉටු නොකොළොත් විනාශ වන්නේ දරුවන්ගේ අනාගතයයි.

ඩබ්ලිව්. කේ. ප‍්‍රසාද් මංජු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *