• Fri. Feb 3rd, 2023

නඩුකීමට රු: 10ක් එකතුකරන උඩුවේ ධම්මාලෝක හිමි ලක්ෂ හතරක පුවත්පත් දැන්වීම් දමා සුද්ද වෙන්න හදයි..!!

BySandun

Feb 22, 2016

බලපත්‍ර රහිතව අලි පැටවෙකු ළග තබාගත් බවට එල්ල වී ඇති චෝදනාව වෙනුවෙන් නීතිඥ සහය ලබාගැනීම සදහා තමන් වහන්සේට අඩුම ගණනේ රුපියල් 10 ක හෝ ආධාරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් උඩුවේ ධම්මාලෝක හිමියන් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් වැය කරමින් ඊයේ පළ කෙරුනු ඉරිදා පුවත්පත් කිහිපයකම දැන්වීම් පළකර තිබෙනවා.අප මේ පිළිබඳව ඉකුත් සිකුරාදා හෙළි කර සිටියේය.

අලි පැටවකු පන්සලේ රඳවා තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගත යුතු බවට නීතිපතිවරයා විසින් පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් පළකර ඇති මෙම පුවත්පත් දැන්වීමෙන් තම නිර්දෝෂිභාවය අදිකරණය හමුවේ ඔප්පු කරවීම සදහා රටේ ඉහළම නීතිඥයන්ගේ සහාය ලබා ගන්නා බව ධම්මාලෝක හිමියන් විසින් සදහන් කර තිබේ. එබැවින් තමාගෙන් ධර්මය ඇසූ සියලුම දෙනාගෙන් තමන් වහන්සේ අඩුම ගණනේ රුපියල් 10ක හෝ ආධාරයක් අපේක්‍ෂා කරන බවත්, එම මුදල කිරුළපන සිරි ඇලන්මැතිනියාරාමය වෙත ගෙනැවිත් භාරදෙන ලෙසත් එහි සදහන් වී තිබේ. එසේ කළ නොහැකි අයට මුදල් තැන්පත් කිරීම සදහා බැංකු ගිණුමක්ද එම පුවත්පත් දැන්වීමට ඇතුළත් කර තිබේ.ඉරිදා ලංකාදීප පුවත්පතේ තනි පිටුවක කලු සුදු දැන්වීමක් පළකිරීම සදහා දළ වශයෙන් රුපියල් තුන්ලක්ෂ හැටදහසක් (360,000) මුදලක් අය කෙරෙන අතර ඊට වැට් බදු එකතු වූ විට රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් ඒ සදහා ගෙවිය යුතු වෙයි. රුපියල් දහයක් දෙන ලෙස ඉල්ලමින් රුපියල් ලක්ෂ හතරක දැන්වීමක් පළකරන්නේ සිරි ඇලන්මැතිනියාරාමයේ දායක දායිකාවන්ගේ කාරුණික අනුග්‍රහයෙන් බවද ධම්මාලෝක හිමියෝ සිය දැන්වීම අවසානයේ කියති !uduwe_himi_paper_ad1uduwe_himi_paper_adඉරිදා ලංකාදීප පුවත්පතට අමතරව මව්බිම ඉරිදා පුවත්පතෙහිද උඩුවේ ධම්මාලෝක හිමියන් විසින්  පිටු තුන්කාලකට ආසන්න වර්ණ දැන්වීමක් පළකර තිබේ. එම දැන්වීම පළකිරීම සදහාද වැට් බදු සමග දළ වශයෙන් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් වැය වන අතර ඒ අනුව උඩුවේ හිමියන් විසින් පුවත්පත් දැන්වීම් සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ අටකට ආසන්නය.uduwe_himi_mawbima

Leave a Reply

Your email address will not be published. Required fields are marked *