පාරම්පරික ගොඩොල් කර්මාන්තයට මැටි ලබාගැනීමට බලධාරීන් ඉඩ නොදීමට විරෝධය පළකරමින් මනම්පිටිය මාගම්තොට ගම්වාසීන් කලුකොඩි ඔසවා විරෝධය පල කර ඇති බව මනම්පිටිය ප්රදේශයෙන් වර්තාවෙනවා.
ගම්වාසීන් ප්රකාශ කරන්නේ මේ නිසා පොහෝ දිනයක පවා ගමේ විහාරස්ථානයට දානය දීමටද නොහැකි තත්ත්වයක් උදවි ඇති බවයි.
දිඹුලාගල මනම්පිටිය මාගම්තොට මහවැලි බි කලාපයට අයත් කුඹුරු ඉඩම් නොමැති එකම ගම්මානය වේ.
මාගම්තොට ගම්වැසියන්ගේ ප්රධාන ජිවනෝපාය වී ඇත්තේ ගඩොල් කර්මාන්තයයි. ඔවුන් ගඩොල් සඳහා මැටි ලබාගන්නේ මනම්පිටිය පාලම අසල කොටලිය ප්රදේශයෙන්.
මීට මාස 4කට පමණ පෙර මේ ස්ථානයෙන් ගඩොල් ලබාගැනීම බලධාරීන් තහනම් කර තිබෙනවා. මේ නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවයි ගම්වාසීන් පවසන්නේ.
https://www.facebook.com/apearata/videos/919182064856262/?video_source=pages_finch_thumbnail_video
(live[email protected] News)