• Thu. Feb 2nd, 2023

TNL ගුවන් කාලය මිලට ගෙන Dailog ක්‍රිකට් පෙන්වන එකට වටෙන්ම දෝෂාරෝපන – මෙන්න ඇත්ත කථාව

BySandun

Feb 22, 2016

එළඹෙන ක්‍රිකට් සංචාරයේ මෙරට විකාශය කිරිමේ අයිතිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ වැඩිමහලු සොහොයුරු වන ශාන් වික්‍රමසිංහට අයත් TNL රූපවාහිනිය තුළින් විකාශය කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් අගමැතිතුමාට දැඩි දෝෂාරෝපනයක් එල්ල වී තිබෙනවා.මුලින්ම සමාජ මාධ්‍ය හරහා කථා බහට ලක් වුනු මෙම සිදුවීම ගැන දැන් දැන් යහපාලන ආණ්ඩුව ගෙනෑඅමට කැපවුනු පුද්ගලයන් පවා විවේචනය කරන බවක් පෙනී යනවා.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා කියාසිටියේ අගමැතිතුමා තම රෙදි මෙතරම් ඉක්මනින් ගැලවීම ඉතා හොද දෙයක් බවයි.nirmal1

එහෙත් පසුව ඔහු මෙවැන්නක් සඳහන් කොට තිබුනා.

nirmal2

“මම හිතන්නෙ අාසියා කුසලාන විකාශන අයිතිය ටීඑන්එල් රූපවාහිනයට ලැබීම ගැන ඔහුගෙ පැහැදිළි කිරීම පිළිගත හැකි එකක්. මේ විකාශන අයිතිය වීඑන්එල් වෙත ලැබීම සහ ඔහු රනිල්ගේ සහෝදරයා වීම අතර සම්බන්ධතාවයත් ඇති බව පෙනෙන්නේ නැහැ. එහි විකාශන හැකියාව පිළිබද ප්‍රශනය මගේ සාකච්ඡාවට අදාළ නැහැ..!

 

 

මෙම කරුනු කෙසේ වෙතත්,

වාර්තා වන අන්දමට ක්‍රිකට් රුපවාහිනී අයිතිය ඇත්තේ ස්ටාර් සපෝර්ට් ආයතනයට සහ ICCයට වන අතර ඔවුන් විසින් මිල ගණන් කැදවීමෙන් පසු වාර්ෂිකව අනෙක් රට වලට නිල විකාශන අයිතිය ලබාදීම මෙහි නිත්‍යානුකූල ස්වරූපය වන බවට සඳහන් වනවා.ICCය සංවිධානය කරන තරගාවලි ( 50 ඕවර ,20 ඕවර ලෝක කුසලන තරගාවලි ,19 පහළ , කාන්තා ඇතුළු තරගාවලි) අයිතිය වසර 4 න් 4 ට අලුත් කලයුතු අතර ,අනෙක් තරගාවලි ඒ ඒ පවත්නා කාල තුල මිලගණන් කැදවා ලබාදෙනු ඇත.

12640408_1758198030878063_3458870996640358786_oICC සංවිධානය කරන තරගාවලි අයිතිය ඉතා විශාල මුදලක් වන අතර (අවු 4 බැවින් ) ඒ පිලිබඳ රුපවාහිනියේ ආර්ථික තත්වය මත අත්සන් කිරීමේ යම් ප්‍රමාදයක් ඇති වුනද 19 පහල අවසන් තරග 4 සිට ඒ පිලිබඳ එකගතාවයකට පැමිණ එම අයිතිය 2019 දක්වා රුපවාහිනියට ලැබී තිබූ බවත් සඳහන්.

එම කරුන අනුව 2019 අයිසිසී තරග විකාශ කිරීමේ අයිතිය හිමිවන්නේ ජාතික රුපවාහිනියටයි. ජාතික රුපවාහිනිය මේ වැදගත්, මෙම විශාල ICC ගනුදෙනුව සදහා සැලසුම් සකස් කරන අතරතුර ආසියානු කුසලානය සදහා මිල ගණන් කැදවීමේදී මෙරට තරඟකාරී ආයටහනයක් වන ඩයලොග් (Dailog ) ආයතනය ඔවුන් සදහා කේබල් නොවන සාමාන්‍ය ට්ව් ජාලයක් නොමැති වුවද ,විශාල මිලක් ගෙවා ආසියානු කුසලාන නිල විකාශන අයිතිය ලබා ගන්නා ලද බව සඳහන්. 

වාර්තා වන අන්දමට ඉන් පසුව ඩයලොග් ආයටහනය, ඔවුන් මිලදී ගත් මේ විකාශන අයිතිය ජාතික රුපවාහිනිය ට ලබාදීම සදහා ඉතා වැඩි,එකග විය නොහැකි ගනුදෙනුවක් රුපවාහිනියට ඉදිරිපත් කර ඇති අතර එයට ජාතික රුපවාහිනිය එකග නොවීමත් සමඟ ඩයලොග් (Dailog )  ආයතනය මෙම තරඟ සංචාරය දේශීය නාලිකාවක විකාශය කිරීමේ අවශ්‍යතාවය සපුරා ගැනීමේ උවමනාව මත TNL නාලිකාවේ ගුවන් කාලයට අයත් මිල ගෙවා වෙන් කරගෙන තරඟ එහි තරඟ විකාශය කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *