දැනට ආබාධිත තත්වයේ පසුවුවත්, පන්දුවාර 20 තරඟාවලියේ නිත්‍ය ක්‍රීඩා නායකයා ලෙසින් ලසිත් මාලිංග පන්දුවාර 20, 20 ට සහභාගී වීම ගැන ක්‍රීඩා විචාරකයන් දැඩි විවේචනයට ලක් කර තිබෙනවා.
ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල හා එහි උප සභාපති ජයන්ත ධර්මදාස යන දෙදෙනාම නොමඟ යවමින් මෙම ගමනට මාලිංග එක්කොට ඇති බවටයි ඔවුන් සඳහන් කරන්නේ.
ආබාධ සහිත ක්‍රීඩකයකු කණ්ඩායමකට එක්කර ගැනීමතුළින් දස්කම් සපිරි තවත් ක්‍රීඩකයෙකුට අවස්තාවක් අහිමි කිරීමක් ලෙසිනුයි ඔවුන් කියා සිටින්නේ.
එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වන ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ ලසිත් මාලිංග පසුගිය වසර 8ක කාලයක් තුළ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට නොකඩවා සහභාගිවී ඇති බවත්, මාලිංග වසර පුරාම ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉලක්ක කර තරග වදින්නේද යන්න පිළිබඳව සැකයක් මතුව ඇති බවත්ය.
එමෙන්ම දනුෂ්ක ගුණත්ලක,කිත් රුවන් විතානගේ සහ ඩිල්ශාන් මුණවීර යන දැනට දක්ෂතා අතර සිටින ක්‍රීඩකයන් තෝරා නොගෙන දික්වැල්ල යන දැනට දක්ෂතා අතර නොසිටින ක්‍රීඩකයන්ව තෝරා ගැනීමෙන් සිදුවන්නේ දකෂතා අටහර සිටින ක්‍රිඩකයන්ට අසාධාරණයක් බවටයි ඔවුන් චෝදනා කර සිටින්නේ.’
කෙසේ වෙතත් ආසියානු කුසලානය දිනා ගැනීමේ වැඩි වාසියක් ශ්‍රි ලංකා පිළට හිමිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවටත් බොහෝ ක්‍රීඩා විචාරකයන් ඉතා උද්යෝගයෙන් කියා සිටින්නේ.