• Sun. Jan 29th, 2023

මහින්දගෙන් අලුත් පක්ෂයක් නෑ – ඒ වෙනුවට සංසදයක් එයි..!

 
රටපුරා විසිරී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශ්වයට හිතැති පාක්ෂිකයන් ඒකරාශී කරගැනීම සඳහා නව සංසදයක් බිහි කිරීමට සූදානම්ව ඇති බව වාර්තා වේ.

මෙම සංසදය පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ආරම්භ වන්නක් වන අතර, එම සංසදයේ ප්‍රධාන කාර්යය වන්නේ හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය ලබාගැනීම සඳහා රජයට බලපෑම් කිරීමයි.

ජාතික මැතිවරණයක් නොමැති අවස්ථාවක නව පක්ෂයක් බිහි කිරීම අනවශ්‍ය බවට මතයක් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර එකඟතාවක් පළවීම නිසා නව පක්ෂයක් බිහිකිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබේ. එහෙත් අවශ්‍ය අවස්ථාවකදී දැනට ලියාපදිංචි වී ඇති පක්ෂයකට ඒකාරාශී වීමට එකඟතාවක්ද එහිදී පළ වී තිබේ.

එමෙන්ම නව සන්ධානයක් බිහි කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ එකඟතාව ලැබී ඇති අතර, එහි නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෝරා පත්කර ගැනීමටත්, සන්ධානයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පත්කිරීමටත් එකඟතාව පළවී තිබේ.
සන්ධානයේ ලේකම්, භාණ්ඩාගාරික, ප්‍රධාන සංවිධායක යන තනතුරු සඳහා සන්ධානය නියෝජනය කරන පැරණි මෙන්ම නවක ක්‍රියාශීලී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම් යෝජනා වී ඇති අතර, ඒ සඳහා අවසන් එකඟතාවයකට පැමිණ නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *