• Tue. Feb 7th, 2023

මාධ්‍ය මර්ධනයක් ගැන කථාකරන්න මහින්දට සදාචාරාත්මක අයිතියක් නෑ..! (Video)

මාධ්‍ය වෙත බලපෑම් එල්ල වී ඇති බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශය ඇමති පාඨලි චම්පික රණවක මහතා අද තරයේ ප්‍රතික්ෂේප කළේ ය.මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් පළ කළේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය.

“අද ලංකාවේ මාධ්‍ය නිදහස් කියන එක කව්රුත් පිළිගන්නවා හිටපු ජනාධිපතිතුමා කැරට් එකයි අනික් පැත්තෙන් කෙවිටයි දෙකම පාවිච්චි කරලා මාධ්‍ය කරගෙන ගිය හැටි අපි හොදටම දන්නවා. ඇතැම් මාධ්‍ය ආයතන එතුමාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය විසින් ඒවා සමහර අයව මුදලට ගත්තා,සමහර මාධ්‍යවේදීන් මුදලට ගත්තා.සමහර මාධ්‍ය ආයතන මුදලට ගත්තා.තවත් සමහර අයට දඩුවම් දුන්නා මාධ්‍ය ආයතන ගිනිතැබුවා. සිරස ගිනි තිබ්බා, මාධ්‍යවේදීන් ඝාතනය කෙරෙව්වා මහ පාරේ.ලසන්ත වික්‍රමතුංගලා ආදී වශයෙන්.ඉතින් එවැනි සිදුවීම් ජාලයක් සිද්ධවුණා.ඒ නිසා එතුමාට අද ඒ කිසිම සිදුවීමක් පෙන්වන්න බෑ.මාධ්‍ය මර්ධනයක් ගැන කථාකරන්න එතුමාට සදාචාරාත්මක  අයිතියක් නෑ..

 

සිරස මාධ්‍ය ආයතනය කොටි සංවිධානයෙන් මුදල් ගත් බවට විශ්‍රාමික අගවිනිසුරු සරත් N සිල්වා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මෙහිදී අමාත්‍යවරයා අදහස් පළ කළේ ය.

 

“එතුමා හොදටම දන්නවා. කොටි සංවිධානයට සල්ලි දුන්නේ කවුද.? කියලා. කොටි සංවිධානයට ‍2005 ජනාධිපතිවරණයේදී 2005ඩ ඉදන් දිගින් දිගටම රාඩා ආයතනය හරහා මිලියන 800ක් කොටි ත්‍රස්තවාදීන්ට ලබා දුන්නයි කියලා චෝදනා එල්ලවුණා. ඒක අද සම්පූරණ ඇත්තයි කියලා ඔප්පු වෙලා තියෙනවා ඒකේ නඩු විභාග විවිධ අධිකරණවලින් හං‍ගගෙන ඉන්න එකවිතරයි වෙලා තියෙන්නේ.මම දන්නෑ සිරස ආයතනයට එහෙම දෙයක් තියෙනවද කියලා.එහෙනම් ඒක පරීක්ෂා කරලා‍ ක්‍රියාත්මක කරන්න ඕනෑ. එතුමා කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා හෙල්පින් හම්බන්තොට නඩුවෙන් එතුමා නිදොස් කොට නිදහස් කළා.ඊට පස්සේ කිව්වා එයා ඒක කරපු මහා දේශපාලන වරදක් කියලා මහින්ද ඉන්න ඕනෑ හිරේ කියලා. සරත් එන් සිල්වා මහත්තයා කියන ඒවා එච්චර ගණන් ගතයුතු නෑ. නීතිය දන්න කෙනෙක් හැටියට එහෙම දෙයක් තියෙනවනම් කරුණු සහිතව ඒ චෝදනා ඉදිරිපත් කරන්න ඕනෑ. නිකන් අයාලේ කථාකරන්න බෑනේ..

https://www.facebook.com/apearata/videos/919536464820822/?video_source=pages_finch_main_video

Leave a Reply

Your email address will not be published. Required fields are marked *