ශ්‍රී ලංකාවේ ආර්ථික නවෝදය ඇතිකරලීම සඳහා යුරෝපා සංගමය යූරෝ මිලියන 43.7ක (රු. මිලියන 6330) මුදල් ප්‍රදානයක් සහ තාක්ෂණික ආධාර පිරිනැමීමක් ඊයේ (16) සිදු කෙළේය.
මේ සම්බන්ධ වන ගිවිසුම් තුනකට මුදල් ඇමති රවී කරුණානායක,යුරෝපා සංගමයේ කොමසාරිස් නෙවන් මිමිකා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ දහවල් මුදල් අමාත්‍යංශයේ දී අස්සන් තැබිණි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මේ ගිවිසුම්වලට මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහතා අස්සන් තැබූ අතර, යුරෝපා සංගමය වෙනුවෙන් අන්තර් ජාතික සහයෝගිතාවය සහ සංවර්ධනය සඳහා වූ යුරෝපීය සංගමයේ කොමසාරිස් නෙවන් මිමිකා මහතා හා ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනයේ දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂ නිකොලස් ෆොනේජිගේ (Nicolas Fornage) මහතා විසින් අත්සන් තබන ලදී.