ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රි ලංකාවට ලබා දෙන මූල්‍යාධාර දෙගුණ කරන බව යුරෝපා සංගමය පවසයි.
මෙරට සංචාරයක නිරතව සිටින එම සංගමයේ කොමසාරිස් නෙවින් මිමිකා මේ බව නිවේදනය කර තිබේ.
මෙරට සංවර්ධන කටයුතු වෙනුවෙන් යුරෝ මිලියන 43.7ක මූල්‍ය ප්‍රදානයක් සහ තාක්ෂණික ආධාර ලබාදීමේ ගිවිසුම් 03කට අත්සන් තැබිම ද සිදු වුණි.
ශ්‍රී ලංකාවට ජි.එස්.පී සහනය ලබාදිමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා යුරෝපා සංගම් නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.