ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සංවිධානය කරන ආසියානු කලාපීය රටවල බදුකරණය පිළිබඳ හත් වැනි සමුළුව (The Seventh IMF-Japan High-Level Tax Conference For Asian Countries) ඊයේ (05) ජපානයේ ටෝකියෝ නුවර ඩායිඉචි (Dai-ichi) හෝටලයේ දී ආරම්භ විය.
මෙම සමුළුව සඳහා ආසියානු කලාපීය රටවල මුදල් අමාත්‍යවරු සහ විද්වතුහු රැසක් සහභාගී වී සිටිති.
ජපාන මුදල් අමාත්‍යාංශයේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් Daikichi Mommaමහතා සමුළුව අමතන අවස්ථාව, අධ්යක්ෂ ජනරාල්වරයා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා අතර පැවැති හමුව සේයාරූවලින් දැක්වෙයි.