අලුත් අවුරුදු උත්සවය යෙදී තිබූ පසුගිය දින කිහිපයේදී ඉතිහාසයේ වැඩිම ඉන්ධන ඉල්ලුම වාර්තා වූ බව ඛනිජ තෙල් කර්මාන්ත හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ ඇමැති චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
පසුගිය දින කිහිපයේදී රටේ ප්‍රදේශ කීපයක පෙට්‍රල්, ඩීසල් හිඟයක්ද පැවැතුණු අතර ඇතැම් ඉන්ධන පිරවුම් හල්වල දිගු පෝලිම්ද දක්නට ලැබිණි.
ඉතිහාසයේ වැඩිම පෙට්‍රල්, ඩීසල් ඉල්ලුම පසුගිය දිනවල පැවැතුණු බව කිව යුතුයි. කිසිම ප්‍රමාදයකින් තොරව පෙට්‍රල් ඩීසල් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා.
අවුරුදු නිවාඩුව නිසා සමහර පිරවුම් ස්ථානවලට සේවකයන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් කිහිපයක් වසා තිබුණා. අපි ඒ පිළිබඳව ඉක්මනින් සොයා බලා අපගේ නිලධාරි මහත්වරුන් ලවා පොලිසිය සමඟ දැනුවත් කර ඉන්ධනහල් මඟින් ඉන්ධන ලබාදීම නොඅඩුව ක්‍රියාත්මක කළා. සාමාන්‍යයෙන් සේවකයන් ප්‍රායෝගිකව වැඩට නොපැමිණීමේ ප්‍රශ්න මෙවැනි කාලයක ඇති වෙයි. එහෙත් කිසිම අඩුවකින් තොරව තෙල් බෙදා හැරීමට කටයුතු කළා.
මේ අතර නාවුල නගරයේ පවත්වාගෙන යන ඉන්ධන හල් දෙකේම 14 වැනිදා රාත්‍රියේ පෙට්‍රල් අවසන් වීම හේතුවෙන් රියැදුරන් දැඩි අපහසුතාවකට පත්වූ බවද වාර්තා වෙයි.
(ආරියරත්න ගනේගොඩ)