කුඹුරු අක්කර එක්ලක්ෂ පනස් දහසක් මෙවර කන්නයේදී කාබනික ගොවිතැන යටතේ වගාකර ඇතැයි වස විස නැති රටක් ජාතික ව්‍යාපාරයේ උපදේශක පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
එසේම ඉදිරි වගා කන්නයේදී කාබනික ගොවිතැන යටතේ හෙක්ටයාර් ලක්ෂ පහ හමාරක වී වගා කටයුතු කිරීමට සැලසුම් කර තිබෙන බවද උන්වහන්සේ කියයි.
වී වගාවට හඳුන්වා දී ඇති කාබනික ගොවිතැන් ක්‍රම ඉදිරි කන්නයේදී එළවළු හා පලතුරු වගාවලටද හඳුන්වා දෙන බව උන්වහන්සේ අද පැවසුවේය.
ඒ රසායනික පොහොර හා පළිබෝධනාශකවලට වෙනුවට විකල්ප හඳුන්වාදීම සඳහා අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
ජනාධිපති කාර්යාලය සහ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන් විසින් සකස් කර ඇති ‘වස විස නැති රටක් – තුන් අවුරුදු සැලැස්ම’ ට අනූව මෙවර යල කන්නයේ කුඹුරු අක්කර එක්ලක්ෂ පනස්දහසක් පලිබෝධනාශක හා රසායනික පොහොරවලින් තොරව වගා කිරීම ආරම්භ කර තිබේ.