ලංකාවේ දේපල සමාගම් වෙළඳපලේ විශාල හිස්තැනක් තිබුනු වකවානුවක මහා පරිමාණ සමාගම් 4 කින් සැදුම්ලත් බ්ලූ මවුන්ටන් සමාගම ආරම්භ කෙරුනේ 2010 වර්ෂයේදී. එවකට දේපල වෙලඳාම් අංශය සහ ගැණුම්කරුවන් අතර විශ්වාසය පිළිබඳවද උණුසුම් කථා බහක් ඇතිව තිබු වකවානුවකි.
බ්ලූ මවුන්ටන් සමාගම මේ වන විට රුපියල් බිලියන 14 කට අධික වත්කමකින් සමන්විත වන අතර වෙනත් විශාල ආයතන හතක් මගින් දේපල වෙළඳාම් සම්බන්ධ සියළු කාර්යයන් සිදු කෙරෙනවා.
මේ වන විට බ්ලූ මවුන්ටන් සමාගම තම සේවා පරාසය වු විශාල ක්ෂේත්රයකට විහිදී ඇති අතර ඒ සඳහා දේපල වෙළඳාම්, ඉඩම් අලෙවි කිරීම්, සුඛෝපභෝගී තට්ටු නිවාස ව්‍යාපෘතීන්, ගොඩනැගිලි ඉදිකිරීම්, දේපල කළමනාකරනය, ඉඩම්, දේපල තක්සේරු කිරීම් සහ මිනින්දෝරු සේවා ඇතුළු දේපල වෙලන්දාම් ක්ෂේත්රයට අදාල බොහෝ දේ අන්තර්ගත වී තිබෙනවා.
එමෙන්ම මේ වනවිට විවිධ හැකියාවන්ගෙන් යුක්ත වූ පුද්ගලයින් 2100 කට ආසන්න ප්‍රමාණයකට බ්ලූ මවුන්ටන් සමාගම වෙතින් රැකියා අවස්ථා ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ දේපල වෙලඳාම් ක්ෂේත්රය තුළ 30% ක් නතුකරගෙන සිටින බ්ලූ මවුන්ටන් සමාගම වසර 6ක් වැනි කෙටි කාලයක් තුළ දේපල වෙළඳාම් ක්ෂේත්රයේ ශක්තීන්, ශක්‍යතාවන් සෑම අංශයක් මුළුල්ලේම වැඩි දියුණු කිරීමට ගන්නවූ මෙහෙය අති විශාලයි.