• Tue. Feb 7th, 2023

රජය තවත් බද්දක් වැඩි කරන්න යයි..!

BySandun

Jun 23, 2016

දුම්කොළ බද්ද සියයට 90 දක්වා වැඩි කිරීමට ඉදිරියේදී යෝජනාවක් ගෙන එන බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එමගින් රජයට විශාල බදු ආදායමක් උපයාගත හැකි බවයි. එවිට සෞඛ්‍ය සේවාවන් මත පනවා ඇති වැට් බදු ඉවත් කළ හැකි බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින්. දුම්කොළ සමාගම්වලින් බදු ලෙස අය කෙරෙන්නේ 67% බවත් එය 72% දක්වා මේ වන විට වැඩි වී තිබුණත් ඒ අදාළ සමාගම් විසින් මිල ඉහළ දැමීම නිසා බවත් ඇමතිවරයා පැවසුවා. ප්‍රේමදාස යුගයේදී මෙම බද්ද 90% ක් දක්වාම අය කර තිබූ බවත් පැවසුවා.

තමා තවත් නොබෝ දිනකින් කැබිනට් මණ්ඩලය වෙත පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් දුම්කොළ බද්ද සියයට 90 දක්වා ඉහළ දැමීමට යෝජනා කරන බවත් ඒ හරහා සෞඛ්‍ය සේවාවේදී රෝගීන්ට ඇති බදු ඉවත් කිරීමට යෝජනා කරන බවයි රාජිත සේනාරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *