යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ බ්‍රිතාන්‍ය තීරණයත් සමඟ ලෝක වෙළදපොළේ තෙල් මිල පහත වැටීමේ ප්රවනතාවක් ඇති වී තිබෙනවා.
පසුගිය සිකුරාදා දිනයේ තෙල් බැරලයක මිල සියයට 5කින් පමණ පහත වැටුණු අතර ඊයේ එම මිල තවදුරටත් පහත වැටෙමින් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 48යි ශත 17ක් ලෙසයි. බ්‍රිතාන්‍ය පවුමේ අගය පහත වැටීම ද මෙලෙස ලෝක වෙළදපොළේ තෙල් මිල පහළ යාමට තවත් හේතුවක්.
ජනමත විචාරණයේ ප්‍රතිඵලයත් සමඟ බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමේ අගය කැපී පෙනෙන ලෙස පහත වැටුණු අතර, පවුමක අගය අද දිනයේ සටහන් වූයේ ඩොලර් 1.32ක් ලෙසයි.