• Tue. Feb 7th, 2023

වෙළඳපොළ අර්බුදයක් නැහැ – අසත්‍ය ප්‍රචාර ප්‍රතික්ෂේප කරනවා

BySandun

Jul 1, 2016

 

ශ්‍රී ලංකා මහ බැංකුවට නව අධිපතිවරයෙකු පත් කිරීම මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය ලැබීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කොට. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරනු ඇති බව රජය පවසයි.

මහබැංකු අධිපතිවරයා පත්කිරීමේදී මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය ද අවශ්‍ය වන බවත් මේ අනුව නිළ කටයුත්තක් සඳහා දැනට විදේශගතව සිටින මුදල් අමාත්‍ය රවි කරුණානායක් මහතා පෙරළා පැමිණීමෙන් පසු ඔහුගේ නිර්දේශය ලබාගෙන නව මහ බැංකු අධිපතිවරයා පත් කිරීමට නියමිත බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත්තරමින් පවසා සිටියි.

මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධුරකාලය ජුනි 30 දා අවසන් විය. මහබැංකු අධිපතිවරයාගේ සිද්ධිය මුල් කරගෙන සමහරුන් වෙළඳපොළ අර්බුදයක් හා මූල්‍ය ක්ෂේත්‍රයේ බිඳ වැටීමක් සිදුවී ඇති බවට ගෙන යන අසත්‍ය ප්‍රචාර රජය ප්‍රතික්ෂේප කරන බවත් බැංකු කටයුතු වෙළඳ කටයුතු හා මුල්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරේන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *