මෑතදී බැංකොක්හි පැවැති 3 වෙනි ආසියා සන්නාම සහ නායකත්ව සමුළුවේදී දේපළ වෙළෙඳාම් අංශයෙන්ිආසියාවේ වඩාත් අපේක්ෂාසහගත සන්නාමය 2016’ සම්මානයෙන් බ්ලූ මවුන්ටන් පිදුම් ලැබීය. ස්ථාවර වර්ධනයක් සහ පැවැත්මක් තුළින් වෙළෙඳපොලට ප්‍රමුඛත්වය දීම සඳහා සාර්ථක පියවර ගන්නා ආසියාවේ වඩාත් අපේක්ෂාසහගත සන්නාම ඇගයීමට ලක්කෙරෙන එම ඉහළ පෙළේ උත්සවයේදී සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ එකම ආයතනික සංවිධානය මෙම ප්රමුඛ දේපළ වෙළෙඳාම් සමාගම වේ.
සන්නාමයක් ලෙස බ්ලූ මවුන්ටන් අර්ථගන්වන්නේ වෘත්තීයමයබව, සුවිශේෂී පාරිභෝගික සත්කාර සේවය, අගය එක්කිරීම සහ වේගවත් වර්ධනය යන ගුණාංග වේ. වසර 5 ක් වැනි කෙටි කාලයක් තුළදී, පෙර නොවූ විරූ වර්ධනයක් ළඟාකරගත් සමාගම ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්රය තුළ වඩාත් බලාපොරොත්තු සහිත මෙන් ම විශ්වාසදායී සමාගමක් බවට පත්ව ඇත. මෙය දිනෙන් දින ප්‍රගතිය කරා යන, වෘත්තියමයබව සහ ගුණාත්මකබව ක්ෂේත්රයට එක්කරමින් නව පූර්වාදර්ශ සපයන සන්නාමයකි.
වසර 2010 දී ස්ථාපනය කරන ලද බ්ලූ මවුන්ටන් සමූහය (බීඑම්ජී) දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයට අදාළ බ්ලූ මවුන්ටන් ප්‍රොපටීස් (ඉඩම් වෙළෙඳාම) , බ්ලූ මවුන්ටන් අපාර්ට්මන්ට්ස් (අනු නිවාස හා සහාධිපත්‍ය) , සහ බ්ලූ මවුන්ටන් කන්ස්ට්‍රක්ෂන් යන අනුබද්ධ ආයතනවලින් සමන්විතය. මීට අමතරව බීඑම් ලෑන්ඞ්ලෝඞ්ස් (දේපළ කළමනාකරණ) , බීඑම් වැලූවේෂන්, බීඑම් සර්වේ ඇන්ඞ් ලීගල් යනාදිය සම සන්නාම වශයෙන් සමූහයට වඩා වැඩි අගනාකමක් එක්කරයි. මෑතදී සමාගම සිය මූලික ව්‍යාපාර කටයුතු ශරීර සුවතාව පිළිබඳ ක්ෂේත්රයට ද පුළුල් කරනු ලැබුවේ බෑන්ක්හිල් වෙල්නස් සෙන්ටර් පවරාගනිමින් එය ඕඑස්එම් ඕ ෆිට්නස් යනුවෙන් ප්‍රතිසන්නාමගත කරමිනි. සිය සාමාජිකයින් වෙත අති නවීන ක්‍රීඩා හා ශරීර සුවතා පහසුකම් පිරිනමන එම ශරීර සුවතා සංකීර්ණය බත්තරමුල්ල, පැලවත්තෙහි පිහිටා ඇත.
බ්ලූ මවුන්ටන් හිමිකරගත් ගෞරවනීය සම්මානය පිළිබඳ අදහස් දැක්වූ බ්ලූ මවුන්ටන්හි සමූහ සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි (එම්බීබීඑස් – කොළඹ සහ එම්බීඒ – ඔස්ටේ්රලියා) , ර්‍ණශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්රය තුළ විශ්වාසදායී, වෘත්තීයමය හා සුපිරි සන්නාමයක් වශයෙන් තමන්ගේ කීර්තිනාමය ඇතිකරගැනීම වෙනුවෙන් බ්ලූ මවුන්ටන් දැරුවේ ඉතා
වෙහෙසකර පරිශ්‍රමයක්. ආරම්භයේ සිට තමන්ගේ කොටස්කරුවන් වෙත සැම අතින් ම, සැබැවින් ලෝක මට්ටමේ තැබිය හැකි නූතන, උසස් හා ගෞරවාන්විත වූ ව්‍යාපෘති සහ සේවා නිරතුරුව සම්පාදනයකරමින් තමන්ගේ පොරොන්දු ඉටුකළා. මෑතදී නිමාව දුටු 3 වෙනි ආසියා සන්නාම සහ නායකත්ව සමුළුවේදී දේපළ වෙළෙඳාම් අංශයෙන්ිආසියාවේ වඩාත් අපේක්ෂාසහගත සන්නාමය’ වශයෙන් තෝරාගනු ලැබීම සම්බන්ධයෙන් අප ඉතා සතුටුවන අතර එයින් අපගේ පද්ධති සහ ක්රියාකාරීත්වයන් වඩා සවිමත් කෙරෙන අතර අපගේ ව්‍යාපෘති සැපයූ වටිනාකමට වලංගුබවක් හිමිවනවා. ශ්‍රී ලංකාවේ පළමු පරිපූර්ණ දේපළ වෙළෙඳාම් සමූහය වීම සම්බන්ධයෙන් අප ආඩම්බර වන අතර ම ක්ෂේත්රයට, අද්විතීය සංකල්ප ගෙනඒම සඳහා පුරෝගාමීවීමට කැපවනවා.” යැයි පැවසීය.
සුරක්ෂිත වට ආවරණයකින් යුතු ජනපද, සුපිරි ගෘහනිර්මාණාත්මක මෝස්තර වැනි දෑ ආශ්රිත බොහෝ කාර්යයන් පළමුව ක්‍රියාවට නැගීමේ ගෞරවය සමාගම ලද අතර වසර 2015 පැවැති වාර්ෂික ආසියා ශාන්තිකර දේපළ සම්මාන උළෙලේදී තරු 5 සම්මානයකින් ද පිදුම් ලැබීය. ශ්‍රී ලංකාව තුළ වේගයෙන් වෙනස්වන දේපළ වෙළෙඳාම් ව්‍යාපාරයේ පසුබිමට බලපෑමක් එක්කිරීම සඳහා තම සේවාවන්හි සියලූ අංශවල විශිෂ්ටත්වය හඹායෑම වෙනුවෙන් සමූහයේ සහයෝගීතාවට රුකුල් දෙමින් බ්ලූ මවුන්ටන්හි අනුබද්ධ ආයතන සමගාමීව ක්‍රියාත්මක වෙයි. සිංගප්පූරුව කේන්ද්‍රකොටගත් ගෝලීය ගෘහනිර්මාණ ශිල්පීය දැවැන්තයකු වන පී ඇන්ඞ් ටී සමූහය සමග බ්ලූ මවුන්ටන් ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට යොමුවූයේ රට තුළ සන්ධිස්ථාන ගොඩනගන දේපළ වෙළෙඳාම් ව්‍යාපෘති ඇරඹීමේ පුරෝගාමීවීමේ අරමුණ ඇතිවය.
දේශීය දේපළ වෙළෙඳාම් ක්ෂේත්රය වර්ධනය වෙමින් පවතින අතර උසස් මට්ටමේ නේවාසික හා වානිජමය දේපළ වෙළෙඳාම් ව්‍යාපෘති ක්රියාත්මකවෙමින් පවතී. පී ඇන්ඞ් ටී සමූහය සමග අත්වැල් බැඳගැනීම තුළින් බ්ලූ මවුන්ටන් සමූහය සතු සවිමත් දේපළ වෙළෙඳාම් සේවා කළඹට අගනාකමක් එක්කරන අතර ම ක්ෂේත්රය තුළ උසස් ම විශේෂඥතාවක් සැපයීමට ඔවුන්ට හැකියා ලැබෙනු ඇත.