හෙට දිනයේ සිට ක්රියාත්මක කිරිමට සැළසුම් කර තිබූ පෞද්ගිලක බස් වර්ජනය තාවකාලිකව නතර කිරීමට බස් සංගම් තීරණය කර තිබේ.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය නතර කිරීමට තීරණය කළ බවයි.
බස් ගාස්තු වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට(04) දිනයේ සිට වර්ජනයක නිරත වීමට පෞද්ගලික බස් සංගම් තීරණය කර තිබුණි.
කෙසේ වෙත්ත අදාළ ගැටළුව පිළිබඳව ලබන බදාදා දිනයේ යළි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.