• Sat. Jan 28th, 2023

පිළිකා කාරක ෆාම් ඔයිල් කන්ටේනර් 24ක් ගෙන්වලා..!

BySandun

Jul 4, 2016

 

මිනිස් පරිභෝජනයට නුසුදුසු මේද අම්ල අඩංගු වන ෆාම් ඔයිල් කන්ටේනර් 24ක් ශ්‍රී ලංකා රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මෙරටට ආනයනය කර ඇත. මෙම කන්ටේනර් 24ම මේ වනවිට රේගු නිවාරන අංශය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ අරඹා ඇත.

ආයතනයක් මෙම ෆාම් ඔයිල් මෙරටට ගෙන්වා ඇති අතර එම ඔයිල්වල අඩංගු මේද අම්ල ප්‍රතිශතය සියයට 23කි. මිනිස් පරිභෝජනය සඳහා වෙළෙඳ‍පොළට නිකුත් කිරීමේ අදහසින් පිරිපහදු නොකරමින් ගෙන්වන ෆාම් ඔයිල්වල අඩංගු විය යුතු මේද අම්ල ප්‍රමාණය සියයට 5කි. පිරිපහදු කිරීමෙන් පසුව වෙළෙඳ‍පොළට නිකුත් කිරීමේදීද මේද අම්ල ප්‍රමාණය 0.1ක් විය යුතුව ඇත.
මෙරටට ෆාම් ඔයිල් ගෙන්වීමේදී එම ෆාම් ඔයිල්වල සාම්පල් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට යවා පරීක්ෂණ කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. නමුත් මෙම ෆාම් ඔයිල් කන්ටේනර්වල සාම්පල් ප්‍රමිති ආයතනයේ පරීක්ෂාවට ලක්ව නැත. ඊට හේතුවී ඇත්තේ ඇසිඩ් වර්ගයක් මෙරටට ගෙන්වන බවට සඳහන් ව්‍යාජ තොරතුරු රේගුවට ඉදිරිපත් කිරීමයි. මෙසේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම හේතුවෙන් රේගුවට රුපියල් මිලියන 755ක රේගු ආදායමක් අහිමිව ඇත.

සිද්ධිය අනාවරණය වීමත් සමග රෝග නිවාරන අංශය ෆාම් ඔයිල් සාම්පල් විශේෂඥයින් ලවා පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී හෙළිව ඇත්තේ මෙතරම් මේද අම්ල ඇති ෆාම් ඔයිල් මිනිස් පරිභෝජනයට සුදුසු අයුරින් පිරිපහදු කළ නොහැකි බවයි.
ශ්‍රී ලංකා රේගුව මැ‍ලේසියාවේ ෆාම් ඔයිල් මණ්ඩලයෙන් තොරතුරු විමසා ඇත. ඊට පිළිතුරු වශයෙන් මැ‍ලේසියානු ෆාම් ඔයිල් මණ්ඩලය එවා ඇති ලිපියේ සඳහන් වන්නේ කර්මාන්ත කටයුතු සඳහා යොදා ගැනෙන ෆාම් ෆැටි ඇසිඩ්( පල්ම්ෆල්ට්ට්ය් අcඉඩ්) ශ්‍රී ලංකාවට අපනයනය කරන බව එරටට දැනුම් දී ඇති බවයි. රේගු නිලධාරීන්ට බලපෑම් කරමින් කන්ටේනර් මුදා ගැනීමට එම ආයතනය උත්සහ දරන බවද පැවැසේ. මේ අතර පිළිකා, හෘද රේගු ඇතුළු බෝ නොවන රෝග රැසකට මඟ පාදන මෙම ෆාම් ඔයිල් කන්ටේනර් 24 ප්‍රසිද්ධියේ විනාශ කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර ඇත.

ෆාම් ඔයිල් ගෙන් වූ සමාගම වෙළෙඳනාමයක් යටතේ වෙළෙඳ‍පොළට තෙල් නිකුත් නොකරන අතර තොග වශයෙන් මිලදී ගැනීම් පහසුකම් සලසන සමාගමකි. 2012 වසරේ සිට මෙම වැඩපිළිවෙළ දියත්ව ඇති අතර මොවුන්ගේ නිෂ්පාදන මුළු රට පුරා ව්‍යාප්තව ඇතැයිද රේගු නිලධාරීන් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *