• Thu. Feb 2nd, 2023

මාධ්‍යවලින් හැංගුව මෛත්‍රී ජනාධිපති කල ආර්ථික විග්‍රහය. (Video)

BySandun

Jul 4, 2016

 

පසුගියදා නෙළුම්පොකුණ රඟහලේ දී පැවති ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් දින උත්සවයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ උද්වේගකර ප්‍රකාශයක් ප්‍රවෘත්ති ප්‍රකාශයන් ඔස්සේ සහ වෙබ් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූවා ඔබට මතක ඇති.
එහිදී අපේ රට වර්තමානයේදී වැටී ඇති ආර්ථික අර්බුදය පිළිබඳ පැහැදිලි අර්ථකථනයක් ජනාධිපතිවරයා විසින් ලබා දුන් අතර එයට මාධ්‍ය තුළ වැඩි ඉඩකඩක් ලබා දෙනු දක්නට ලැබුනේ නැත.පසුගිය දස අවුරුදු ආර්ථික සැලසුම් පිළිබඳ විවේචනයක් සිදුකල ජනාධිපතිවරයා වටී අති ආර්ථිකය ගොඩ ගන්නේ කෙසේදැයි එහිදී සඳහන් කරනු ලැබුවා.

එම කතාව පහතින්.

” රට සංවර්ධනය කළ බවට කවුරුන් කෙසේ උදම් ඇනුවත් පසුගිය වසර ගණනාව තුළ අපේ රටේ දේශීය කර්මාන්ත ක්ෂේත‍්‍රයේ මහත් කඩාවැටීමක් සිදුව තිබෙනවා. රජයක් ලෙස කිසිදු අවස්ථාවක මහජනතාව මත බර පැටවීමට අප සූදානම් නොමති අතර ජාතික ආර්ථිකය අද මුහුණ දී තිබෙන ප‍්‍රධාන ගැටලූ වන ණය බර පියවා ගැනීම, විදේශ සංචිත ශක්තිමත් කර ගැනීම මෙන්ම ආනයන, අපනයන වෙළද ශේෂය අවම කර ගැනීම යන ගැටලූ සදහා විධිමත් සැළසුම් ඔස්සේ විසඳුම් සෙවිය යුතුයි. එමෙන්ම වැට් බදු ක‍්‍රමය සමග ජනතාවගේ දෛනික ජන ජිවිතයේ මතුව ඇති ගැටලූවලට විසදුම් ලබාදෙමින් අවශ්‍ය සහන සැලසීම සදහා අග‍්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය සමග එක්ව සාකච්ඡුා කර පැහැදිළි තීන්දුවක් ගැනීමට සූදානම්.
– ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *