රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තමන් සමඟ විවාදයකට පැමිණෙන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට. අභියෝගයක් එල්ල කළා.
ඒ, තොටළඟ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැති උතුරු කොළඹ මුස්ලිම් බැතිමතුන් සඳහා වියළි ආහාර බෙදා දීමේ උත්සවයකට අද උදෑසන එක්වෙමින්.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රටේ ණය බර අඩුවූ පසු ජනතාවගේ බදු බර ද අඩු කිරීමට කටයුතු කරන බවයි.