• Mon. Jan 30th, 2023

ආයෝජනවලට හිතකර ආර්ථිකයක් ගොඩනඟනවා.

BySandun

Jul 6, 2016

 

නව රැකියා අවස්ථා වැඩි වශයෙන් බිහි කිරීමටත්, ඒ සඳහා උපකාරී වන නව ආයෝජන කැඳවීමටත් හිතකර ආර්ථික පිළිවෙතක් ක්‍රියාවට නැංවීමට උපරිමයෙන් කැපවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කෙළේය.

මහ බැංකු අධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම වතාවට මාධ්‍ය හමුවක් ඊයේ (05) සවස කොළඹ මහ බැංකු මූලස්ථානයේ පවත්වමින් අධිපතිවරයා එසේ කීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ කීර්තිනාමය හා ගෞරවණීය තත්ත්වය ඉහළට ඔසවා තැබීමට උපරිමයෙන් ක්‍රියාකරන බවද අධිපතිවරයා පැවැසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් තමාට භාර දුන් වගකීම ඉටු කිරීම සඳහා කැපවන බව කී ආචාර්යවරයා මෙය අභියෝගයක්! නමුත් ! එය මට රට වෙනුවෙන් සේවය කිරීමට ලැබුණු වටිනා අවස්ථාවක් ලෙස සලකා ක්‍රියා කරන බවද කියා සිටියේය. මේ මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, පී. සමරසිරි, එස්. ලංකාතිලක යන මහත්වරු ඇතුළු එහි උසස් නිලධාරීහු කිහිපදෙනෙකු සහභාගි වී සිටියහ.

ජයසිරි මුණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *