රජය විසින් මිල නියම කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට විකුණන වෙළෙඳුන් සම්බන්ධයෙන් සොයා බැලීමට වහාම ක්‍රියාත්මක වන පරිදි මිල පාලන ඒකකයක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා නිලධාරීන් සිය දෙනකු එකවර බඳවා ගැනීමටද මෙම ඒකකය කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය යටතේ පිහිටුවීමටද තීරණය කර තිබේ.
පාලන මිලට වැඩියෙන් විකුණන වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද මෙම ඒකකය වෙත තොරතුරු ලබාදීම සඳහා ඉදිරියේදී දුරකථන අංක හඳුන්වාදීමට නියමිතය.