• Mon. Jan 30th, 2023

සංචාරක වර්ධනය 20% කින් ඉහලට..!

BySandun

Jul 11, 2016

 

මේ වසරේ (2016) පළමු මාස හතරේදී මෙරටට විදෙස්‌ සංචාරකයන් 721, 185 ක්‌ දෙනෙක්‌ පැමිණ ඇත.

මේ අනුව පසුගිය වසරේ (2015) මුල් මාස හතරට සාපේක්‍ෂව සියයට 20 කින් සංචාරක පැමිණීම් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.

ඉන්දියාව, චීනය, එක්‌සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවලින් වැඩිම සංචාරකයන් පිරිසක්‌ පැමිණ තිබිණි. එම රටවලින් ඉකුත් අප්‍රෙඇල් මස පැමිණි සංචාරකයන් ප්‍රමාණය මුළු සංචාරක පැමිණීම්වලින් සියයට 53.1 කට දායක වී ඇතැයිද එහි සඳහන්ය.

මේ අනුව අප්‍රේල් මාසයේදී විදෙස්‌ සංචාරකයන් 136367 ත් දෙනෙක්‌ පැමිණ තිබුණු අතර එය ගිය වසරේ (2015) අප්‍රේල් මාසයට සාපේක්‍ෂව සියයට 11.6 ක වර්ධනයක්‌ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *