පෞද්ගලික බස් ගාස්තුව ලබන මස (අගෝස්තු) 01 වැනිදා සිට සියයට හයකින් ඉහළ දැමීමට ඊයේ (12 දා) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තමා විසින් ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවක සලකා බලා ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇතයිද මාධ්‍ය වාර්තා කරනවා.
දැනට පවතින අවම ගාස්තුව වන රුපියල් 08 – රුපියල් 09 දක්වා වැඩි වන අතර ගාස්තු වැඩි කිරීම සම්බන්ධව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ඉදිරියේදී ජනතාව දැනුවත් කරනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.