• Mon. Jan 30th, 2023

පෝට්සිටි අවසන් තීන්දුව ලබන අඟහරුවාදා

BySandun

Jul 31, 2016

කොළඹ වරාය නගරය ඉදිකිරීමට අදාළ අලුත් ගිවිසුමක් හා අලුත් මායිම්, කොන්දේසි පිළිබඳව ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙයට අදාළ පූර්ණ වාර්තාවක් ඉකුත් සතියේ කැබිනට් මණ්ඩලයට කැබිනට් සන්දේශයක් ලෙස ඉදිරිපත් කොට තිබේ.

කොළඹ වරාය නගරය ඉදිකිරීම් කටයුතු වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු තාවකාලිකව අත්හිටුවූ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් චීනයට ගොස් එරට රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අලුත් ගිවිසුමක් යටතේ නැවත ව්‍යාපෘතිය ඇරැඹීමට එකඟතාවකට පැමිණියේය.

පසුගියදා චීනයේ විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ජනාධිපති හා අග්‍රාමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවලදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ප්‍රධාන මාතෘකාවක් විය.

(mawbima)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *