• Thu. Feb 2nd, 2023

කොළඹ කොටස්‌ වෙළෙඳපොළ 9.2% කින් පහත වැටිලා..!

BySandun

Aug 2, 2016

කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ සමස්‌ත මිල දර්ශකය, ගිය වසරේ (2015) අප්‍රේල් මස අග සිට මේ වසරේ (2016) අප්‍රේල් මස අග දක්‌වා කාලය තුළ සියයට 9.2 කින් පහත වැටී ඇත.

මේ අනුව ගිය වසරේ (2015) අප්‍රේල් අග පැවති ඒකක 7179 ක්‌ වූ සමස්‌ත මිල දර්ශක අගය කොළඹ මේ වසරේ (2016) අප්‍රේල් අග වන විට ඒකක 6516 ක්‌ දක්‌වා අඩුවී තිබේ.

රුපියල අවප්‍රමාණය වීම සහ ගෝලීය වශයෙන් පැවැති මූල්‍ය සහ ආර්ථික අවපාතයන් නිසා ප්‍රාග්ධන ගලායැම් වැඩිවීම හේතුවෙන් 2016 වසරේ පළමු මාස හතර තුළදී කොටස්‌ වෙළෙඳපොළ මෙසේ මන්දගාමී වර්ධනයක්‌ පෙන්නුම් කළ බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව (2016) සඳහන් කරයි.

මේ අතර ස්‌ථාවර ප්‍රතිලාභ හිමි වත්කම්වල සිදුකළ ඉහළ ආයෝජන හේතුවෙන් එස්‌. ඇන්ඩ් පී. (ශ්‍රී ලංකා) 20 දර්ශකය ද, ඉකුත් අප්‍රේල් මස අග වන විට ඒකක 3436 දක්‌වා සියයට 15.2 කින් පහත වැටුණු බවද එම වාර්තාවේ සඳහන්ය. පසුගිය අප්‍රේල් මස අගදී එම දර්ශක අගය ඒකක 4053 ක්‌ විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *