• Mon. Jan 30th, 2023

මාස 6 කට පසු එළවළු මිලේ අඩුවක්..!

BySandun

Aug 2, 2016

මාස 06 කට අධික කාලයක් ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් මේ වනවිට පහළ ගොස් තිබෙනවා.

ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරණ භාරයන් සඳහන් කළේ කන්ද උඩරටින් ලැබෙන එළවළු අස්වනු වැඩි වීම හේතුවෙන් මෙලෙස මිල ගණන් පහත බැස ඇති බවයි.

පසුගිය කාලයේ කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබුණු කැරට්, බෝංචි, ලීක්ස් සහ මාළු මිරිස් ආදි එළවළුවල කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 150කට අධික මිලක සටහන් වුණා.

කෙසේ වෙතත් මේ වනවිට එම මිල ගණන් රුපියල් 60ත් 80ත් අතර පවතින බවයි ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරණ භාරයන් වැඩිදුරටත් කියා සිටියේ.

ඊයේ රාත්‍රිය වනවිට කන්ද උඩරට ප්‍රදේශවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලොරි සංඛ්‍යාවද ඉහල ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *