• Fri. Feb 3rd, 2023

සෝරත හාමුදුරුවෝ ඉන්න ලස්සන පින්තූර ටිකක්..!

BySandun

Aug 12, 2016

දෙරණ රූපවාහිනී නාළිකාවේ විකාශය වූ “මලී 01” හා “මලී 02” ප්‍රේක්ෂකයන් අතර ඉහළ ජනප්‍රසාදය දිනාගත් ටෙලි නිර්මාණ බවට පත්විය. එහි තෙවැනි කතා මාලාව “සිඳු” නමින් අගෝස්තු 08 වැනි දින සිට රාත්‍රී 7.30ට ටී.වී. දෙරණ නාළිකාව ඔස්සේ විකාශය වෙයි. එහි තිර රචකයා වන්නේ සමන් එදිරිමුණිය. මේ කතාබහ ඔහු සමගය.

 

20160812Saman-1“සිඳු” ටෙලි නාට්‍ය ගැන කතා කරමු?
දෙරණ නාළිකාවේ “මලී” කියන නාට්‍ය විකාශය වුණා. පසුව එහි දෙවැනි කොටස ලෙස “අත්තම්මා” විකාශය වුණා. එහි තුන්වැනි කොටස ලෙස තමයි මෙම නාට්‍යය රචනා වෙන්නේ. මෙය මලී තුන්වැනි කොටස. මේ ටෙලිනාට්‍ය “සිඳු” ලෙස නම්කරලා තියෙනවා.

 

“සිඳු” තුළ අන්තර්ගත වෙන්නේ?

ලංකාවේ ඥාතීත්වයක් තිබෙන එංගලන්තයේ ඉපදුණ ළමයෙක් ගැන කතා කරනවා. ඔහුගේ සීයා සහ ආච්චි ඉන්නේ ලංකාවේ. ඒ ළමයා ලංකාවට එන්නේ ආච්චි ගැන දැනගෙන ආච්චිගේ සොහොන බලන්න. ආච්චි කියන්නේ “මලී 02” නාට්‍ය‘යෙහි සිටි “අත්තම්මා”. ඇයට ගුරුකම් කරන්න පුළුවන්. එමෙන්ම මේ “සිඳු” කියන දරුවටත් පරම්පරාවෙන් උරුමවෙන විශේෂ බලයක් තිබෙනවා. ආච්චිගේ තරහකාරයෙක් වෙන උක්කුවා කියන පුද්ගලයා එම බලය තමන් සතු කරගන්න කටයුතු කරනවා.

 

2016-08-11-ent-39අත්තම්මාගෙන් මිදිලා මෙවර ළමයෙක් තේමා කරගත් ටෙලිනාට්‍යයක් නිර්මාණය වෙන්නේ?

පසුගිය කාලය පුරාම ලංකාවේ ටෙලිනාට්‍යය ගතහොත් වැඩිහිටියන්ට නරඹන්නත් ගුණාත්මක ටෙලි නාට්‍යයක් තිබිලා නැහැ. එහෙම වෙන්න හේතුව අඩු වියදම් නිර්මාණ කිරීම. එවිට නිර්මාණයක තිබෙන නිර්මාණාත්මක ගුණය ඉස්මතු කරන්න බැහැ කියා බොහෝදෙනෙක් තර්ක කරනවා. ඒ හරහා ඉන්දියාවේ ටෙලිනාට්‍ය කලාවේ හැඩය අන්තර්ගත කර ආප්ප හදනවා වගේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරනවා. මෙහෙම ටෙලිනාට්‍ය නිෂ්පාදනය වෙන කාලෙක ටී.වී. දෙරණ නාළිකාවේ ලක්සිරි වික්‍රමගේ මහතා හා ජානක සිරිවර්ධන ආරාධනා කරනවා මෙම ටෙලිනාට්‍ය රචනා කරන්න. මෙය ළමයින් තේමා කරගත් ටෙලිනාට්‍යයක්. මම කැමැත්තෙන් හිටියා ළමයින් සඳහා නිර්මාණයක් කරන්න. මෑතකාලීනව දරුවන් සඳහා ටෙලි නාට්‍යයක් නිර්මාණය වුණේම නැති නිසා අපි ළමා කාලයේදී අත්විඳපු, අත්දැකපු දේවල් අපේ ළමා පරපුරට දැන් ලැබෙන්නේ නැහැ. පවතින තරගකාරී වටපිටාව ගමෙන් ඈත්වීම හා ශිෂ්‍යත්ව විභාගය නිසා ළමයින්ගේ හොඳම ළමා කාලය අධ්‍යාපනය වෙනුවෙන් ගතවෙනවා. ළමා කාලය මගහැරෙනවා. ඒ කාලෙ සුන්දරත්වය ටෙලිනාට්‍යයක් හරහාවත් ළමයින්ට පෙන්වන්න අවශ්‍යයි කියලා හිතුණා.

 


2016-08-11-ent-70

ළමයින්ව පාදක කර ගෙන බොහෝවිට සිදුවන්නේ වැඩිහිටි නිර්මාණ?

මගේ දරුවො දෙන්නත් බියක් සැකක් නැතුව රූපවාහිනිය ඉදිරිපිට තබා මෙම නිර්මාණ නැරඹීමට සැලැස්වීමේ උවමනාව තාත්තා කෙනෙක් විදිහට මටත් තියෙනවා. මට මෙය රචනා කරද්දී නිතරම මතක් වෙන්නේ මගේ ළමයි දෙදෙනාව. මගේ දරුවන් දෙදෙනා මෙම නාට්‍ය දෙස බැලුවහොත් ඔලුව අවුල් කරගනීද කියන ප්‍රශ්නය ගැන හිතනවා. මම තාත්තා කෙනෙක් ලෙස හිතලා තමයි මෙම නාට්‍ය රචනා කරන්නේ. වගකීමෙන් කියන්න පුළුවන් “සිඳු” ටෙලි නාට්‍යය විකාශය වන වෙලාවට ඕනෑම දරුවෙක්ට නරඹන්න ඉඩ ලබාදෙන්න. කිසිම විටක ළමයින්ට හානි වන ආකාරයේ දෙබසක්වත් මේ ටෙලිනාට්‍යයට ඇතුළත් කර නැහැ. දරුවන්ගේ සුරතල්කම් ළමා කාලේ දරුවන් තුළ තිබිය යුතු ගුණයහපත්කම්, බෞද්ධ හැදියාවන් කියන දේවල් තමයි පාදක කරගෙන තියෙන්නේ. පැහිච්ච කතා කියන ඒවා මේ නාට්‍ය‘යේ නැහැ. ළමයින්ට නොගැළපෙන වැඩිහිටි කතා ඔවුන් කියන්නේ නැහැ.

 

මෙයත් මෙගා නාට්‍ය නිර්මාණයක්?

සැලසුම්කර තිබෙන පරිදි අවම කොටස් දෙසීයක පමණ ප්‍රමාණයකට සීමා වෙයි. කෘත්‍රිම මෙගා නාට්‍යයක් නොකර උපරිමයට ස්වාභාවික ලෙස සත්‍ය සිදුවීම් තාත්වික සිදුවීම් ආශ්‍ර‘යෙන් ගොඩනැගෙනවා. ගැමි පරිසරයක රූගත කිරීම් කරන්නේ. මෙගා නාට්‍යය කලාවේ ගුණාත්මක බව ආරක්ෂා කරගන්න නිෂ්පාදක කණ්ඩායම උත්සාහකර තිබෙනවා.

 

දායක වෙන පිරිස ගැන මතක් කළොත්?

දෙරණ ටී.වී. ටෙලිනාට්‍ය අංශයේ ප්‍රධානී චරිත් කොතලාවලගේ දායකත්වයත් මතක් කළ යුතුයි. මූලික කතා තේමාව මට ඔවුන් විසින් ලබාදුන්නා. ඒ ඔස්සේ කතාව ගොඩනැගීම කළා. රචකයාගේ කාර්යයෙන් ඔහු රූප මාධ්‍ය‘යෙන් ප්‍රේක්ෂකයා නරඹන තැනට වෙනකම් වූ ක්‍රියාපටිපාටිය තුළ බොහෝ මිනිසුන් ප්‍රමාණයක් තිරය පිටුපස සිට ලොකු කැපකිරීමක් කරනවා. ඔවුන් සියලු දෙනාවත් මේ මොහොතේ මතක් කරනවා.

 

නිදුක් මධුෂික

 

2016-08-11-ent-40

2016-08-11-ent-69
2016-08-11-ent-68
2016-08-11-ent-67
2016-08-11-ent-66
2016-08-11-ent-65
2016-08-11-ent-64
2016-08-11-ent-63
2016-08-11-ent-62
2016-08-11-ent-61
2016-08-11-ent-60
2016-08-11-ent-59
2016-08-11-ent-58
2016-08-11-ent-57
2016-08-11-ent-56
2016-08-11-ent-55
2016-08-11-ent-54
2016-08-11-ent-53
2016-08-11-ent-52
2016-08-11-ent-51
2016-08-11-ent-50
2016-08-11-ent-49
2016-08-11-ent-48
2016-08-11-ent-47
2016-08-11-ent-46
2016-08-11-ent-45
2016-08-11-ent-44
2016-08-11-ent-43
2016-08-11-ent-42
2016-08-11-ent-41
සම්පූර්න අයිතිය : saaravita.lk වෙබ් අඩවිය සතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *