• Tue. Feb 7th, 2023

උන් හිතන තරම්ම අපි ගොන්නු ද..? – සේනගේ කොලම

BySandun

Aug 13, 2016

නිදහස ලබන විට මෙරට දේශපාලන සංස්කෘතිය සහ ඒ හා සම්බන්ධ වූ ආයතන ව්‍යුහය පැවතියේ කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉතා ඉහල ස්ථානයකය. වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඉතාමත් ප්‍රශස්ත ලෙස ක්‍රියාත්මක වූ අතර එය එහි වූ අභ්‍යන්තර සීමාවන් ජය ගනිමින් යහපත් වර්ධනයක්ද පෙන්නුම් කරන ලදි. දේශපාලකයෝ උගත් මිනිසුන් වූ අතර සැලකිය යුතු මට්ටමක ආර්ථික හයියක් සහිත වූ පොදුජන ජීවිතයේ කීර්තියක් ලත් පිරිසක්ද විය.

නමුත් 1977 පසුව තත්වය වෙනස් වූ අතර සමානුපාතික ජන්ද ක්‍රමය සහ විධායක ජනාධිපති ක්‍රමය හදුන්වාදීමත් සමඟම පෙර පැවති දේශපාලනිකමය බල අරගලය සිය බුද්ධිමය සීමාවන් අභිභවා ආර්ථික බලය සහ මැරබලය දක්වා විතැන්වීම පැහැදිලිව දැකගත හැකි විය. ඒ අනුව බුද්ධිමතුන් දේශපාලනයට පිවිසීම වෙනුවට ධන බලය හා මැර බලය සහිත පාහරයින් සිය පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම සදහා දේශපාලනයට පිවිසීම සිදුවිය. උතුරේ වාර්ගික අර්බුධය සහ දකුණේ රාජ්‍ය විරෝධී අරගලය හේතුවෙන් රටේ බුද්ධිමත් දේශපාලන අවබෝධයක් සහිත බොහෝ පිරිසක් ඝාතනය වීමත් සමඟ මෙරට දේශපාලන සංස්කෘතිය බරපතල සෝදාපාලුවකට ලක්වූ අතර මේ මොහොත වන විටදී අපේ රට මුහුණ දී ඇත් සමාජ ආර්ථික කඩාවැටීමට හේතුව වී ඇත්තේද එම කරුණය.

ගල්ලෙන බිදාලා ගීතයට විජය නන්දසිරිගේ නර්තනය විශිෂ්ඨයි – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

පාද යාත්‍රාවට කෝටි දෙකක් ජනතාව පැමිණියා – පාම ගීතා කුමාරසිංහ

ධම්මාලෝක හාමුදුරුවන්ගේ පංසලේ පෙරහැරක් තිබ්බා. ඒකට ආව අලියෙක් අමතක වෙලා දාලා ගිහිං. හාමුදුරුවෝ ඌව හදාගත්තා – විමල් වීරවංශ

මට මගේ උසස්පෙළ ප්‍රතිපල මතක නෑ. – වෛද්‍ය නලින්ද හේරත්

රාජපක්ෂට 250 උපදේශකයෝ හිටියා. මට ඉන්නේ 97. මොකක්ද අවුල? – අමාත්‍ය ලක්ශ්මන් කිරිඇල්ල

ඩේසි ආච්චිට එකපාරම දුවගෙන ආපු මුස්ලිම් වෙළෙන්දෙක් දීපු මැණික් මල්ලකින් තමයි අපි මේ වත්කම් අරගත්තේ – යෝෂිත රාජපක්ෂ

ඉහත ප්‍රකාශ මෙරට දේශපාලන තලයේ ප්‍රභල චරිත විසින් කිසිදු හිරිකිතයකින් තොරව සමාජගත කරන ලද පට්ට පල් බොරු බේගල් වන අතර මේ ලයිස්තුවට තව බොහෝ අයගේ නම් හා ප්‍රකාශ මෙන්ම සිදුවීම්ද ඇතුලත් වියයුතුය.

– අතුරුදහන් වීමේ පණත විවාදයට ගන්නා විට එයට විරුද්ධව මාධ්‍ය ඉදිරිපිට කෑ ගසන ගම්මන්පිල පසුව මලික් සමරවික්‍රම ගේ කරට අතදාගෙන ශේප් වීම

– CSN නාලිකාවේ රුපියල් කෝටි 15කට හා ගාල්ලේ ඉඩම් දෙකකට අයිතිකාරයෙක් නැත්වීම

– මහ බැංකු බැදුම්කර නිකුතුවේ කිසිම වංචාවක් නොවීම

– ආගමන විගමන නීති උල්ලංඝනයට එරෙහිව විමල්ට නඩු නොදැමීම.

– ක්‍රීඩකයින් 9 දෙනෙකුට නිලධාරින් 40ක් ඔලිම්පික් යාම වැනි සිදුවීම් අප ඇස් පනා පිටදීම සිදුවන වංචාවන් නොවේද? අප මේවා අමතක කල යුතුද?

දේශපාලකයෝ මෙවැනි අසික්කිත ලෙස බොරු කියන්නේ ඇයි? ඔවුන් කියන්නේ බොරු බව මුළු මහත් සමාජයටම පැහැදිලිව තේරුම් යද්දී අපි සිනහවකින් ඒ සියල්ල බැහැර කරන්නේ ඇයි?

පාලකයෝ මෙවැනි බේගල් ඇදබාන්නේ සමාජය ගැන අනවබෝධයෙන් නොවෙති. ඔවුන් මේ සමාජය ගැනත් පුරවැසියන් ගැනත් ඉතා හොද අවබෝධයකින් යුක්ත වන අතර ඕනෑම ආකාරයක බොරුවක් කීවද, එය බොරුවක් බව සමාජය තේරුම් ගත්තද මිනිසුන් එය නොසලකා හරින්නට තරම් නූගත් බව ඔවුන් සිතති. ඔවුන්ගේ සිතුවිල්ල නිවැරදි කරමින්ම සිවිල් සමාජය ඒ බොරු බේගල් සරළ සිනහවකින් අමතක කරති. අවසානයේ රටට කෙලවෙති.

 

shane

“මේ මොහොතේදී අප විසින් මේ කෙබර කෙලින දේශපාලනයට එරෙහිව ප්‍රභලව හඩ නැගිය යුතුය. ලැජ්ජාවකින් හෝ හිරිකිතයකින් හෝ තොරව බොරු කියන පාලකයින් පන්නා දැමීමට වහ වහා එක්විය යුතුය.

Shane Mahendra

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *