• Thu. Feb 2nd, 2023

මචං නාමල්, කොහොමද නැමිල්ල..?

BySandun

Aug 18, 2016

මචං නාමල්, එදා උඹ අන්තිමට එෆ්.සී.අයි.ඩී ගිය දවසේ ඇතුල්වෙද්දී දීපූ පොර ටෝක මතක් වෙනකොට මාර ආතල් එකක් වගේම පොඩි දුකකුත් හිතට එනවා බං. උඹ උඹලාගේ තාත්තාවත් දෙන්නේ නැති පොර ටෝකක් පොලිස්පතිට දීලා ඇතුළු වුණේ “හිටපං, මචං මම එළියට එද්දී ඔයිට වඩා හිට්වෙන පොර ටෝකක් දෙන්නම්” කියාය.

ඒත් එදා උඹ එළියට ඇවිත් මූණ චොර කරගෙන උසාවියටත්, උසාවියෙන් හිරේටත් ගිය විදියනම් දීපූ ටෝකේ හැටියට හරි අවුල්.

නාමල්, එදා උඹ පොලිස්පතිගේ නීති නැමිල්ල ගැන කතා කරනකොට අපිට එකපාරටම මතක් වුණේ, ඒ කාලයේ උඹලගේ තාත්තා නීතිය නමලා ### අස්සේ ගහගෙන පෙන්නපු වැඩ කිඩ ටික. මචං නාමල්, ඒ කාලේ ඇත්තටම නීතියක් කියලා එකක් මේ රටේ තිබුණද බං? උඹලගේ තාත්තාට, බාප්පලාට, උඹට කරන්න ඕනි එකයි, කරන එකයි නේ මේ රටේ නීතිය වෙලා තිබුණේ. උඹලා රූකඩ ටිකක් ඒ වෙනුවෙන් නැටෙව්වා. ඒ රූකඩ කියන විදියට නැටුවේ නැති උනාම ඒකටත් උඹේ තාත්තාගේ නීතිය දාලා ඉවරම කලා.

උඹලා රජ වුණු ඒ පෙර දවස උඹලාට අමතක වෙලාද දන්නේ නැහැ මචං. ඒත් මේ රටේ පොදු ජනතාව වෙච්ච අපිටනම් අද වාගේම මතකයි.

මචං නාමල්, උඹලාගේ තාත්තයි, බාප්පයි මුලින්ම එස්.එෆ්ව හිරේ අරින්න රටේ නීතිය විතරක් නෙවෙයි, හමුදා නීතිය නමලා ඇරපු හැටි එහෙම උඹට මතකෙට ආවෙම නැද්ද? ඒ දවස්වල උඹ එස්.එෆ්.ට නීතිය ගැන දීපු පොර ටෝක කොහොමද? ලිඛිතවම සමාව ඉල්ලුවොත් උඹටත් සලකා බලන්න පුළුවන් කාලයක් තිබ්බා නේද බං.

මචං නාමල්, උඹලා මොන මවලා ලොකු කරලා පෙන්වන්න ගියත්, මේ රටේ අතිබහුතරය උඹලා එදා අරලිය ගහ මන්දිරයට පදිංචියට ආපු හැටි දන්නවා. එදා හිටිය හුජ්ජ කොල්ලා බලයත්, වටේට එකතු වෙච්ච අමනයොත් එක්ක මහා පඩ ෂෝ කාරයෙක්, කෙරුමෙක්, මදාවියෙක් වෙච්ච හැටිත් අපි දැක්කා. ඊට පස්සේ උඹලාගේ තාත්තාගේ රජකමට කෙලවුනාට පස්සේ ආයෙත් උඹ නෝමල් කියලා රටේ ලෝකේ මිනිස්සු ගොනාට අන්දවන්න දීපු ගේමත් අපි දැක්කා.
මචං නාමල්, උඹ හරි උඹේ තාත්තා හිතන තරම් මේ රටේ මිනිස්සු ගොන්නු නොවෙයි. යුද්ධයට මුවා වෙලා උඹලා මේ තරම්ම මේ රටෙන් හොරා කෑවා කියලා අපිවත් හිතුවේ නැහැ. ඒ ගැන අපි වෙනම කතා කරමු. නාමල් උඹ මීට පස්සේවත් කතා කරනකොට මීට වඩා දුර දිග බලලා කතා කරපන්. උඹලා එක ඇඟිල්ලක් දිග් කරනකොට උඹලාගේ පැත්තට ඇඟිලි හතරක් දිගු වෙනබව මතක තියා ගනින්.

මචං නාමල් අවසාන වශයෙන් උඹ එදා නීති විභාගය ලියද්දී, ඒ ලියපු හැටි දැකපු එකෙක් ඒ ගැන කියද්දී උඹලා උඹලාට ඕනි ඕනි විදියට නීතියට ඇරියා කියලා තේරුනේ නැද්ද බං..?

-යැරියා-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *