• Thu. Feb 2nd, 2023

යූඇන්පී – ශ්‍රීලංකා හවුල් ආණ්ඩුව සාර්ථකද..?

BySandun

Aug 19, 2016

සම්මුතිවාදී යහපාලන රජයට අද වනවිට වසරක් සම්පූර්ණ වී අවසන්ය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ රටේ විධායක ජනාධිපතිධූරයට පත්ව මේ වනවිට වසර එකහමාරක් ද සම්පූර්ණ වී තිබේ. ලොව ඕනෑම රටක ඕනෑම ආණ්ඩුවක් බලයට පත්ව වසරක කාලයක් සම්පූර්ණ වීම එම පාලකයන්ගේ හෝ ආණ්ඩුවේ ගුණාගුණ නිවැරදි ලෙස අධ්‍යනය කර නිසි තක්සේරුවකට පැමිණීමට තරම් ප‍්‍රමාණවත් වූ කාලයක් නොවේ. රජයක් පිහිටුවා වසරක් යනු එම රජයේ ප‍්‍රතිපත්ති හා ජනතා අපේක්ෂාවන් ක‍්‍රියාවට නැංවීම සදහා වෙරදරන ප‍්‍රාරම්භක යුගය සේ සැලකිය හැකිය. ඒ අනුව කිසියම් වූ ආණ්ඩුවක් තම ප‍්‍රතිපත්ති හා ක‍්‍රියාමාර්ග ජනතා අපේක්ෂාවන් තුළ ක‍්‍රියාවට නැගුවේද එම ක‍්‍රියාමාර්ග සාර්ථක මාවතකට යොමුකරවා ඇත්ද යන්න තක්සේරු කිරීම සදහා ප‍්‍රමාණවත් කාලයක් අත්‍යවශ්‍ය වේ.

1970 දී සමගි පෙරමුණ ආණ්ඩුව බලයට පත්ව ගතකළ පළමු වසර ද 77 දී බලයට පත් ජේ.ආර් ජයවර්ධන මහතාගේ රජයේ පළමු වසරද 2005 දී මේ රටේ බලයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ පළමු වසර ද සැලකිල්ලට ගැනීමේ දී එම යථාර්ථය තේරුම්ගත හැකිය. සමගි පෙරමුණ රජයේ සංවර්ධන හා ජනතාවාදී ක‍්‍රියාකාරීත්වයන් බොහොමයක්ම 1971 වනවිට මහපොළව මත සක‍්‍රීයව ක‍්‍රියාත්මකව නොතිබුණා මෙන්ම ජේ.ආර්. ජයවර්ධන රජයේ පළමු වසර සැලකිල්ලට ගත්විට 1978 වනවිට දී කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය වැනි දැවැන්ත ව්‍යාපෘති හෝ අනෙකුත් සංවර්ධන ක‍්‍රියාදාමයන් ද මල්වර වී නොපැවතිණ. 2005 දී මහින්ද රාජපක්ෂ මහතාට අදාළව ද එය සත්‍යයකි. එහෙත් ඒ සෑම රජයක් වෙතින්ම ප‍්‍රදර්ශනය වූ දේශපාලන හා සමාජ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියන් සැලකීමේදී පළමු වසර යම් සාර්ථක ආරම්භයක් සනිටුහන් කර තිබූ බව පැහැදිළිය.

එම අතීත පියසටහන් හා ඒ මත වැටුණ ගමන්මග සැලකීමේදී මෑතයුගය සැලකිය හැක්කේ තම පූර්වගාමී සෑම පාලනයක් වෙතින්ම ප‍්‍රදර්ශනය කර ඇති සමාරම්භක පියවරයන් ඉක්මවන ආකාරයේ අධිෂ්ඨාන සහගත ඵලදායී ක‍්‍රමෝපායන්ගෙන් යුතු ආරම්භයක් ලෙසය. එක් අතකින් සැලකීමේදී එය සැලකිය හැක්කේ මේ රටේ අනාගත දේශපාලන හා ආර්ථික ගමන්මග ස්ථීරසාර ලෙස තහවුරු කරලීම ස`දහා ක‍්‍රියාත්මක වූ අතිශයින්ම ඵලදායී වසරක් ලෙසය.

දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වල පලාඵල නම් කොහොමටත් වසරක් වැනි කෙටිකාලයක් තුළ දී නෙළාගත නොහැකිය. එහෙත් එහිදී පවා යහපාලන රජයේ පළමු වසර තුළ මේ වනවිට දියත් කර ඇති ව්‍යාපෘතීන් හි සමාරම්භක ප‍්‍රගතිය දිරිගන්වන සු`එ වේ. බස්නාහිර පළාත් මහා සංවර්ධන සැලැස්ම හෙවත් මෙගා පොලිස් ක‍්‍රියාන්විතය සෑම පළාතක්ම ඉලක්ක කරගත් දැවැන්ත සංවර්ධන සැලසුම්, කොලඹ වරාය නගරයේ පුනර්ජීවනය නිවාස සංවර්ධන සැලසුම්, කලාපීය හා ප‍්‍රමුඛ සංවර්ධන රටවල් සමග ඇතිකරගනිමින් සිටින නිදහස් වෙළෙ`ද එක`ගතාවයන් තුළ නව ආයෝජකයන්ට විවර වන දොරටු හා සංචාරක මෙන්ම කර්මාන්ත ව්‍යාපෘති ඉලක්ක කරගත් ඉදිරි ක‍්‍රියාමාර්ග ඒ ස`දහා දැක්විය හැකි උදාහරණ කිහිපයකි.

එහෙත් බොහෝ දේශපාලන හා ආර්ථික විශ්ලේෂකයන්ට අනුව සම්මුතිවාදී ආණ්ඩුව ලබාඇති දැවැන්තම ජයග‍්‍රහණය සනිටුහන් කරනුයේ වෙනත් ඉසව්වකදී ය. එනම් රට තුළ සාර්ථකව සිදුකරන ලද දේශපාලන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාදාමය සහ ජාත්‍යන්තරය හමුවේ කොටුවෙමින් අසරණභාවයකට පත්ව සිටි රටකට අත්කර දුන් පිළිගැනීම හා ප‍්‍රතිජීවනය යි. ඒ ස`දහා දැක්විය හැකි වැදගත්ම උදාහරණ දෙකකි. එනම් නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමන්මග කණපිට හරවා ගමන් ගනිමින් සිටි ඒකාධිපති මාදිලියේ පවුල් වාදී අධිකාරීත්වයෙන් යුත් රාජ්‍ය ආකෘතියක් ආපසු හරවමින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ප‍්‍රතිනිර්මාණය කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන සංස්කෘතියයි. එවන් ජයග‍්‍රහණ උදෙසා මෑත කාලයේ ඇතැම් රටවල් දරා ඇති වෙහෙස හා කැපකර ඇති මිනිස් ජීවිත වල ප‍්‍රමාණය සැලකීමේදී ශ‍්‍රී ලංකාව බෙහෙවින් වාසනාවන්ත වූ බව නම් අවිවාදිතය.

අනෙක් වැදගත්ම හා අසීරුම කඩඉම ලෙස සැලකිය හැක්කේ ආර්ථික සම්බාධක දක්වා දිගුදුර මෙහෙයුමක්ව පැවති ශ‍්‍රී ලංකාව කොටුකිරීමේ ජාත්‍යන්තර ක‍්‍රියාන්විතය ජනතා මතය මත පිළිබිඹු වූ අපේක්ෂාවන් තුළ දියකර හැරීමට තරම් ශ‍්‍රී ලංකාව භාග්‍යමත් වීමය. එහි ආසන්නතම ප‍්‍රථිඵලය ශ‍්‍රී ලංකාව යනු සතුරන් නොමැති රටක් වීමය. ආර්ථික සම්බන්ධතා, ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ පමණක් නොව සිවිල් වැසියන් වෙතද තීරණාත්මක ලෙස බලපෑ හැකි වාරණයන් සමූහයක් වත්මන් රජයේ පළමු වසරේ ක‍්‍රියාකාරීත්වය තුළ දූරීභූත වී තිබේ.
රටක් ලෙස ඒ සියල්ලම අගය කළහැකි දේවල්ය. සතුටු වියහැකි කරුණු ය. එහෙත් මෑත ඉතිහාසයේදී රටේ සිව්කොනම යාකරමින් මතුවූ ජනතා අපේකෂාවන් හි කූට ප‍්‍රාප්තිය එය නොවේ. ඒ ස`දහා මේ ලක්දෙරණ මත ද එහි ජනතා සිත්සතන් මත ද ජනිත කළයුතු තහවුරු කළ යුතු කරුණු කාරණා බොහෝ වන්නේය. ඒ ස`දහා ඇති රජයේ කැපවීම හා අවංක භාවය පිළිබ`දව යම් හෝ තක්සේරුවක් ලබාගැනීමට ඉදිරි වසරක හෝ දෙකක කාලය ප‍්‍රමාණවත් වනු ඇත. ඒ ස`දහා දැන්ම සහතික දියයුතු ද නොවේ. මක්නිසාද යත් බලය විසින් දූෂණය ජනිත කරවන බව අතීතය තුළ සනාථ වී ඇති නියමයක් වන නිසාය. ඉන් මිදීමට වෙරදැරිය යුත්තේ බලය පවතින ආණ්ඩුවයි. එසේම රට ඉන් මුදවාලීම ස`දහා ජනතාව වෙතද අපරිමිත වගකීමක් හා මැදිහත්වීමක් ඇතිබවද එහිදී අප අමතක කළයුතු නැත.

සුනිල් ජයසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *