• Tue. Feb 7th, 2023

මහින්ද, හුසේන් බෝල්ට්ගෙන් උගත යුතු පාඩම – සේනගේ කොලම

BySandun

Aug 23, 2016

පිට පිට ඔලිම්පික් ක්‍රීඩා උළෙල තුනකදීම ලොව වේගවත්ම මිනිසා ලෙසින් තරඟය අවසන් කොට අපරාජිතවම ජැමෙයිකානු ක්‍රීඩක හුසේන් බෝල්ට් සිය ජාත්‍යන්තරය ක්‍රීඩා දිවියෙන් සමුගත්තේය. තවත් වරක් ක්‍රීඩා ක්‍රීඩා කිරීමට තහංචි නොතිබියදී හුසේන් බෝල්ට් “අපරාජිතව” සමුගන්නේ ඇයි? සමුගත් බෝල්ට්ට තව පාරක් දුවන්නට යැයි කියමින් ජැමෙයිකානු ජනතාව වීදි නොබසින්නේ ඇයි? හීන් සිරුවේ කල්පනා කර බැලුවහොත් අපට බෝල්ට් ගෙනුත් ජැමෙයිකාවෙනුත් ඉගෙනගත යුතු පාඩම් බොහෝ ඇත.

බෝල්ට් සහ මහින්ද.

බෝල්ට් ගේ අපරාජිත නික්මයෑමෙන් පාඩම් ඉගෙනගත යුතු මෙරට දේශපාලන නායකයින් ගණන බොහෝය. ඒ අතරින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ වන්නේ සහ නිදහසට කරුණු ඉදිරිපත්කල නොහැකි එකම තැනැත්තා වන්නේ මෙරට දේශපාලකයෙකුට රට තුලදී ලබාගත හැකි ඉහළම තනතුර වන විධායක ජනාධිපති දූරයට දෙවරක් තේරී පත්වී තුන්වර ජනතාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවද තවමත් දේශපාලන බලය ලබා ගැනීම වෙනුවෙන් අනවරත අරගලයක නියැලෙන නිසාය.

ජනාධිපතිවරයා වශයෙන් එකී ප්‍රමුඛස්ථානයට පත්වීමෙන් පසුව මහින්ද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය නායකයෙකු නම් කලයුතුව තිබුණේ සිය දෙවන ධූර කාලය අවසන් කරමින් සිය පක්ෂයේ දෙවන පෙළ නායකයෙකුට රටේ නායකයා වීමට ඉඩ ලබා දෙමින් ධූරයෙන් ගෞරවාන්විතව සමුගැනිමයි. නමුත් ඉතාමත් නිර්ලජ්ජිත ආකාරයෙන් සහ ගොත්‍රික ප්‍රවේශයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කල මහින්ද ජනාධිපතිවරයෙකුගේ ධුරය සම්බන්ධයෙන් වූ සීමාවන් ඉවත් කල අතර සදාතනිකව බලයේ සිටීමට (අඩුම තරමේ නාමල්ගේ කල වයස හරියන තෙක් බලයේ සිටීමට) පිඹුරුපත් සකසන ලදි. නමුත්? කාලය කෙතරම් නපුරුද?

මහින්ද ජනවාරි 8 කල යුතුව තිබ්බේ කුමක්ද..?

මැතිවරණ පරාජයෙන් පසුවද ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් පරිණත දේශපාලන නායකයෙකු ලෙස විශ්‍රාම යන්නට ස්වභාවධර්මය විසින් මහින්දට තවත් එක් අවස්ථාවක් ලබාදී තිබුණි. මැතිවරණ ප්‍රථිපල පිටවෙමින් පවතින අතර තුර උදෑසන 6 – 7 වන විට පරාජය පිළිගනිමින් මහින්ද රාජපක්ෂ ජනාධිපති මැදුරෙන් නික්ම ගිය බව ජනමාධ්‍ය වාර්තා කිරීමත් සමඟ මෛත්‍රී වෙනුවෙන් දිවිහිමියෙන් කැපවී ක්‍රියාකල දැඩි මහින්ද විරෝධීන් පවා මහත් සංවේගයට පත්වූ අතර දේශපාලනික වශයෙන් කවරාකාරයක සීමාවන් පැවතියද මහත්මයෙකු ගේ නික්ම යාමක් ලෙස එය සමාජගත වෙමින් පැවතිනි. නමුත් උදෑසන එසේ නික්මුන මිනිසා දවල් වෙත්ම හැසිරුනේ කෙසේද?

මැදමූලන වලව්වේ ජනෙල් වල එල්ලෙමින් සහ තාප්ප උඩ නගිමින් නටන ලද රිලා නැටුම් සහ ඉන් මත්තට මහින්දගේ දේශපාලන භාවිතය විසින් ඔහු කෙතරම් මෝඩ මිනිහෙක්ද යන්න පැහැදිලි කරන ලද අතර අවස්ථා දෙකකදී ඔහු වෙනුවෙන් ජන්දය භාවිතාකල මේ රටේ මධ්‍යස්ථ මතධාරී සාමාන්‍ය මිනිසුන් තුල ඔහු සම්බන්ධයෙන් දැඩි පිළිකුලක්ද ඇතිවීමට එම සිදුවීම් පෙල බලපාන ලදි. අවසානයේ මෙරට සිටි බලවත්ම විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු දක්වා පහලට වැටීමට තරම් ඒවා ප්‍රභල විය.

හුසේන් බෝල්ට් ගේ ජීවිත කාලයට වඩා කාලයක් දේශපාලනයේ නියැලී ඇති මහින්දට බෝල්ට්ට තියෙන සාමාන්‍ය දැනීම නැත්තේ ඇයි.?

දේශපාලන හෝ වේවා ක්‍රීඩා හෝ වේවා කවර ක්ෂේත්‍රයක වුවද දස්කම් දැක්වීමට මිනිහෙකුට යම් නිශ්චිත කාලයක් හිමිවේ. ඒ කාලය තුල සිය දස්කම් දක්වා ගත වැහැරෙන්නට පෙර, බලය වැහැරෙන්නට පෙර ක්ෂේත්‍රයෙන් ගෞරවාන්විතව සහ අපරාජිතව සමුගන්නා තැනැත්තා නිතැනින්ම මහජනයාගේ නොමද ගෞරවාදරයට පත්වේ. බෝල්ට් තේරුම්ගත් මහින්ද තේරුම් නොගත් සත්‍ය එයයි. දැන් මහින්දට නැවත නැගිටීමක් නැත. නමුත් ඔහුගෙන් ඒ පාඩම ඉගෙනගෙන නිසි කල දස්කම් පා නික්ම යන්නට දේශපාලකයෝ තරයේ සිතට ගතයුතුය. එසේම එලෙස නික්ම යන ගෞරවාන්විත මිනිසුන් නැවත කරළියට ගෙන එන්නට කපු කම් කරන පරපෝෂිතයෝත්, වන්දිබට්ටයෝත් එහි ආදීනව ගැන සිතාබැලිය යුතුය.

shane

 

Shane Mahendra

Leave a Reply

Your email address will not be published. Required fields are marked *