මෙරට කම්කරු සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 40,000 ක් වත් විය යුතු යෑයි අගමැති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. එම වැටුප සේවකයන්ට ලබාදීමට වත්මන් යහපාලන ආණ්ඩුව ක්රියා කරන බවද ඊට සහාය දැක්වීම සැමගේ වගකීමක් බවද හෙතෙම කීය.
ඉදිරි වසර කිහිපය තුළ සේවකයන්ට රුපියල් 40000 මාසික වැටුපක් ලබා දීම සඳහා ආණ්ඩුව හාම්පුතුන් සහ වෘත්තීය සමිති සමඟ එක්ව ක්රියාමාර්ගයක් ආරම්භ කරන බවද පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථාන පරිශ්රයේදී බුහාරි සමාගමේ තෙමහල් ප්රධාන කාර්යාලය විවෘත කරමින් අගමැති රනිල් වික්රමසිංහ මහතා මේ බව ඊයේ (25 දා) කියා සිටියේය.
මෙරට ශ්රමිකයන් විදේශ රටවලදී උපයන්නේ ඩොලර් 300 ක පමණ මාසික වැටුපක් බවත් එම මුදල මෙරටදීම උපයා ගත හැකි පරිසරයක් ඇති කිරීම රජයේ වගකීම බවත් හෙතෙම මෙහිදී කීය.
ජාතික රජයේ එකම අරමුණ වනුයේ කම්කරු ජනතාව ශක්තිමත් කිරීම බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
- අකිත පෙරේරා