පසුගියදා අත්අඩංගුවට පත්වූ නකල්ස් රක්ෂිතයේ තහනම් සතුන් ඝාතනය කල සැකකරු ඇතුලු 6 දෙනා
ඊයේ(25) අධිකරණය හමුව්ෙ වරද පිලිගෙන තිබ්‍ෙ.
මෙම පුද්ගලයන් සතුන් දඩයම් කල එහි ජායාරූප අන්තර්ජාලයට හා සමාජ ජාලා වලට මුදාහැරීම හේතුවෙන් මෙම සිද්ධිය මහත් ආන්දෝලනයකට ලක්විය. අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු වන සාද් මොහිදීන් සිරාජ් නැමැත්තා ඇතුලු පිරිස ඊයේ (25) පන්වල සංචාරක මහේස්ත්‍රාත් එම්.එච්.රෆික්ඩීන් මහතා විසින් මෙම පිරිසට රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක (175,000) දඩයක් නියම කලේය.
ඔවුන් මෙලෙස ඕලු මුවන් ගෝනුන් දඩු ලේනුන් ඇතුලු දුර්ලභ සතුන් දඩයම් කර තිබ්‍ෙ. අධී ආරක්ෂිත රක්ෂිත කලාපයක සතුන් ඝාතනය, ගිනි අවි භාවිතය යන චෝදනා මත ඔවුන්ට ණඩු පවරා තිබින.
මෙම නඩු තීන්දුව්ෙ ප්‍රධාන සැකකරු වන සාද් මොහොමඩ් සිරාජ් නම් අයට එක් වරදකට විසිපන්දහස (25,000) බැගින් වැරදි දෙක සදහා පනස් දහසක (50,000) මුදලක්ද, සත්ව ඝාතනයට අනුබලදීම්ෙ චෝදනාව මත අනෙකුත් සැකකරුවන් 5 දෙනාට(නලින්ද වීරතුංග, චන්ද්‍රසේකර විජයකාන්ත්, ගලබඩ ලියනගේ, රුවන් සංජීව සමරනායක, නන්දකුමාර්) එක් අයෙකුට රුපියල් විසි පන්දහස (25,000) බැගින්ද දඩ නියම කර තිබ්‍ෙ.

