• Thu. Feb 2nd, 2023

රාජපක්ෂ ආණ්ඩුව ණය උගුලක හිර කරවූ ලංකා ලුණු සමාගම ණය නෑ

BySandun

Aug 26, 2016

 

ලංකා ලුණු සමාගමේ සියලු ණය ගෙවා අවසන් බවත් වසරක්‌ ඇතුළත සමාගම ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට හැකිවීම යහපාලන රජය ලද විශාල ජයග්‍රහණයක්‌ බවත් ලංකා ලුණු සමාගමේ සභාපති අයුබ් ඛාන් මහතා පවසයි.

ලංකා ලුණු සමාගම ලබා තිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් සභාපතිවරයා මේ බව පැවැසීය.

පසුගිය පාලන සමයේ ලංකා ලුණු සමාගම බරපතළ මුල්‍ය අර්බුදයකට ලක්‌ වී තිබූ බවත් ආයතනයේ දේපළ ඇපයට තබා ලබාගත් බැංකු ණය නොගෙවීමෙන් බැංකු අයිරාව ඉහළ ගොස්‌ තිබු බවත් පැවැසූ සභාපතිවරයා නව කළමනාකාරිත්වයේ උපාය මාර්ගික විසඳුම් මගින් බැංකු අයිරාව ශුන්‍ය තත්ත්වයට පත් කළ බවත් පැවැසීය.

ලුණු සමාගමේ මූල්‍ය තත්ත්වය ස්‌ථාවර වීමත් සමග සේවකයන්ගේ වැටුප් හාරදහසකින් පමණ ඉහළ නැංවීමට හැකි වූ බවත් ජ්‍යෙෂ්ඨත්වය මත සේවකයන් 200 දෙනෙකු ස්‌ථීර කිරීමට කටයුතු කළ බවත් පැවැසූ සභාපතිවරයා ලංකා ලුණු සමාගම් ඉතිහාසයේ පළමුවරට කාන්තාවන් අසූ දෙනෙකුට ස්‌ථීර පත්වීම් දුන් බවත් පැවැසීය.

පසුගිය පාලන කාලය තුළ පැවැති ලුණු අලෙවි කිරීමේ ඒකාධිකාරය බිඳ දමමින් අලෙවි ජාලයක්‌ ක්‍රියාත්මක කර ඉතිහාසයේ දෙවැනි වැඩිම වාර්ෂික ආදායම ලබා ගැනීමට කටයුතු කළ බවද යහපාලන ප්‍රතිපත්ති අනුව කටයුතු කරමින් මූල්‍ය විනය පවත්වාගෙන යැම සඳහා ප්‍රසම්පාදන ඇගයීම් කමිටුවක්‌ ස්‌ථාපිත කිරීමට කටයුතු කළ බවද පැවැසූ සභාපතිවරයා ඉදිරියේදී ලුණු නිෂ්පාදනය තවත් වැඩිකිරීමට පුළුල් වැඩපිළිවෙලක්‌ දියත් කර තිබෙන බවද පැවැසීය.

 

  • lankafocusnews.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *