සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ මීලඟ තරඟ 3 සඳහා ළහිරු කුමාර ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.
පසුගියදා එංගලන්ත වයස අවුරුදු 19 පහළ කණ්ඩායම අතර පැවති ටෙස්ට් හා එක්දින තරඟාවලියේ දැක්වූ දස්කම් හේතුවෙනුයි ඔහු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත්තේ.
ඔහු එංගලන්ත වයස අවුරුදු 19 පහළ කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරඟාවලියේ තරඟ 2 කදී කඩුලු 13ක් දවා ගැනීමට සමත්ව තිබෙන අතර ඉන් එක් තරඟයක ලකුණු 134ට කඩුලු 11 බිඳ හෙළිමට ඔහු සමත්ව තිබෙනවා.
එංගලන්ත හා පැවති එක්දින තරඟාවලියේ තරඟ 3දී ඔහු කඩුලු 6ක් දවා ගැනීමට සමත් වී ඇති අතර එම තරඟාවලිය තරඟ 3 – 0 ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමට හැකි වුණා.