• Mon. Jan 30th, 2023

ජනතාවගේ බත් පතෙනුත් රුපියල් බිලියන ගණනක් කොමිස් කාපු හැටි මෙන්න..!! (Exclusive)

BySandun

Aug 30, 2016

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරියේ හාල් මෝලක තිබූ හාල් මෙට්‍රික් ටොන් 2450ක් පසුගිය දා රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මුද්‍රා තබා තිබිණි. මේ සහල් තොගය පිටුපස ඇත්තේ රාජපක්ෂ ආණ්ඩුවේ තවත් කොමිස් ගැහිල්ලක් පිළිබඳ කතාන්තරයකි.

පසුගිය රජය කාලයේ හාල් තොගයක් ගෙන්වීමෙන් සිදුවී පාඩුව පිළිබඳ වර්තමාන සතොස විෂය භාර අමාත්‍යාංශය වූ කර්මානත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාගෙන් ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය ප්‍රශ්න කළ පැය කිහිපයක් ගත වෙද්දී යළි තවත් සහල් තොගයක් පොළොන්නරුවෙන් එළියට පැන්නේය.
ඒ හාල් මෝලකිනි. මේ මෝලේ තිබී මුද්‍රා කරන ලද සහල් තොගය මෙට්‍රික් ටොන් 2450කි. ඒ රිෂාඩ් බදුයිදීන් ඇමතිවරයා ජනාධිපති විමර්ශන කොමිසමට දුන් ප්‍රකාශයේ සඳහන් හාල් තොගය නොව වෙනත් හාල් තොගයක් වීමෙන් ම හාල් ගිල්ල රාජපක්ෂ ජුන්ඩාව ගැන ඇතිවන්නේ පුදුමයකි.

නාඩු සහල් මෙට්‍රික් ටොන් 5000ක් ඉන්දියාවෙන් ගෙන්වා සමූපකාරය හරහා විකිණීමට පසුගිය රාජපක්ෂ ආණ්ඩුව තීරණය කර ඇත්තේ 2014 සැප්තැම්බර් මාසයේ දීය. ණයවර නිකුත් කිරීමෙන් පසු 2014 ඔක්තෝබර් මාසයේ දී නාඩු සහල් මෙට්‍රික් ටොන් 4944ක් රටට ගෙන ආ අතර ඒ කිලෝවක් රුපියල් 70 වැනි අධික මුදලකටය. මේ සහල් ගෙන්වන ලද්දේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවටය. එලෙස ගෙන්වන ලද සහල් සමූපකාර දෙපාර්තමේන්තුව හරහා රුපියල් 55/= ට 50/= ට හා 45/= වැනි මුදලට විකුණූ අතර විකුණාගත නොහැකි වූ තොගයක් ඉතිරිව තිබී ඇත. මෙලෙස ඉතිරවූ සහල් තොගයේ කල් ඉකුත්වීම සටහන් වන්නේ 2016 සැපැත්ම්බර් 23 වැනි දිනයයි.

මේ ගැන ‘‘ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව” වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සහල් ගැනුම් කරුවන්ට තොග වශයෙන් ලබාදීමට 2015 නොවැම්බර් 17 වැනි දින තීරණය කර ඇත. ඒ වනවිට මේ සහල් මිනිස් පරිභෝජනය සඳහා සුදුසු ද යන්න පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය විසින් පරීක්ෂා කරන ලද අතර එය සුදුසුයැයි 2015 ඔක්තෝබර් 20 වැනි දින නිර්දේශය ලැබී තිබිණි.

ඉන් පසුව සිදුවූයේ මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ සහල් අතිරික්තයක් තිබිය දී කොමිස් මුදලට ලොල් බැඳ අධි මිලට ගෙන්වා අඩු මුදලට හෝ විකුණාගත නොහැකිව ඉතිරි වූ සහල් විකුණා දැමීම සඳහා 2015 නොවැම්බර් 20 හා 21 දිනයන් හි පුවත්පත් දැන්වීම් පලකිරීමයි. ඒ අනුව 16 දෙනකු සහල් මිලදී ගැනීමට ඉල්ලුම් කළ අතර ඉන් වැඩිම ගැනුම් අගය වූ 53.60 ට විකණීමට තීරණය කැරිණි. එහෙත් ඔහු හෝ දෙවැනි වැඩිම ඉල්ලුම් මුදල් වූ 52.67 හෝ තුන්වැන්නා වූ 50.50ට මේ සහල් අදාල ඉල්ලුම් කරුවන් විසින් ගත්තේ නැත.

මෙම තත්වය නැවතත් ජීවන වියදම් වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත 2016.05.17 දින ඉදිරිපත් කරන ලද අතර එහිදි මෙම සහල් රුපියල් 45/- ගණනේ නැවතත් සමූපකාර සමිති වෙත විකිණීම අනුමත කරන ලදී. ඒ අනුව නාඩු සහල් මෙ.ටො. 353 ක් Mඅර්ක්-Fඑඩ්, Cඔ-ඔප් Fඑඩ් ඇතුලු සමුපකාර සමිති 8 ක් සදහා නිකුත් කරන ලදී.

මෙම සහල් වල තත්වය අනුව එය තව දුරටත් රුපියල් 45/- ක වැනි මුදලකට මිලට ගත නොහැකි බවත් එහි මිල රුපියල් 41/- කට ලබාදන ලෙසත් ඉහත කි සමූපකාර සමිති විසින් කරන ලද ඉල්ලීම අනුව නැවතත් ජීවන වියදම් වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත 2016.08.02 දින ඉදිරිපත් කරන ලද අතර එහිදී එකි කමිටුවේ අදහස වූයේ රුපියල් 60/- ක පමණ මුදලක් වියදමි කර ආනයනය කරන ලද සහල් රුපියල් 41/- ක් වැනි මුදලකට අලෙවි කරනවාට වඩා මෙම සහල් ප්‍රති සැකසුම් කර ලක් සතොස හරහා පාරිභෝගිකයන් වෙත කඩිනමින් අලෙවි කිරීම සුදුසු බවය. මෙම තීරණය ගැනීමෙදී මෙම සහල් වල කාලය ඉකුත් වීමේ දිනය ඉදිරියට පවතින බවද සැලකිල්ලට ගන්නා ලදී.

ඒ අනුව මෙම සහල් ප්‍රති සැකසුම් කර ‘ලක් සතොස’ හරහා විකිණිම සිදු කරන ලෙස අමාත්‍යාංශ ලේකම් ටී.එම්.කේ.බි.තෙන්නකොන් මහතා විසින් දැනුම් දී ඇත. මේ සඳහා ‘සතොස’ විසින් නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමෙන් වී මොල් හිමියකු තෝරා ගෙන ඇති අතර එකී වී මෝල් හිමිකරු වන්නේ පොළොන්නරුවේ ‘මිහිරි වී මෝල’ නම් ආයතනයයි. මෙම සහල් ඉහත කී පරිදි ප්‍රති සැකසුම් කරමින් පවතිද්දී මෙසේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් මුද්‍රා තබන ලදී.

තත්ව පරීක්ෂණ වාර්තාව අනුව මෙම සහල් නියමිත තත්වයේ තිබූ නිසාත් ප්‍රති සැකසීමෙන් පසු සිදු කරන ලද තත්ව පරික්ෂා අනුව මිනිස් පරිභෝජනයට සුදුසු බව තීරණය වූ නිසාත් මෙම සහල් ප්‍රති සැකසුම් කර විකිණිම රජය මගින් සිදු කිරීම මේ අවස්ථාවේදි සිදුකල යුතු සුදුසුම පියවර බව හැගීමයි. නැතහොත් කාලය ඉකුත් වීමේ දිනය වන 2016.9.23 පසු මෙම සහල් මිනිස් පර්භෝජනයට ගත නොහැකි බැවින් රජයට විශාල පාඩුවක් දැරීමට සිදුවේ.
අමාත්‍යාංශයේ උත්සාහය වූයේ මෙම සහල් ඉහත කී කාලය ඉකුත්වීමේ දිනයට පෙර විකුණා රජයට වන හානිය අවම කිරීමත් සහන මිලකට සහල් ‘ලක් සතොස’ හරහා පාරිභෝගික ජනතාව වෙත බෙදා හැරීමත් වේ.
දැන් හාල් ගිල ගන්න බැරිව වත්මන් රජය දගලයි. රටේ හාල් අතිරික්තයක් තිබිය දී හාල් ගෙන්වූ රාජපක් ආණ්ඩුවේ ඇතැම් ලොක්කෝ කොමිස් මුදල සාක්කුවේ දා දෙකොණින් සිනා සෙති. මේ සහල් අත්අඩංගුවට ගැනීනේ ඒවා විකුණා මුදල් කිරීමට තිබූ අවසන් අවස්ථාව ද ගිලිහී ඇත.

නමුත් හාල් ගෙන්වූ කොමිස් කාක්කෝ නිදැල්ලේය..!

 

  • සජීව විජේවීර

    20160830_11523520160830_115243

Leave a Reply

Your email address will not be published. Required fields are marked *