අකුණු පහරකින් පිනි මුවන් 300ට වඩා මිය ගිය පුවතක් නෝර්වේ රාජ්‍යෙයන් වාර්තා වනවා.
Hardangervidda කන්දේ වෙසෙන පිනි මුවන්ටයි මෙම ඛේදනීය ඉරණම අත්ව තිබෙන්නේ.
අනතුරින් පසුව මිය නොගිය පිනි මුවන් පස් දෙනෙකු ද හමුව ඇති අතර සිදුව තිබූ දරුණු තුවාල හේතුවෙන් පසුව ඔවුන් ද මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සෘතු විපර්යාසයත් සමග දස දහස් ගණන් පිනි මුවන් රංචු මෙම කන්ද වෙත ඇදී එනවා.
අකුණු පහරකින් මෙතරම් සතුන් ප්‍රමාණයක් මිය ගිය පළමු අවස්ථාව ලෙසයි මෙය වාර්තා වන්නේ.
https://youtu.be/4fhAEaNMf3c