ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාලමක් තැනීම සම්බන්ධයෙන් යෝජනාවක් එවකට විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අමාත්‍යංශය විසින් සැකසූ ”2011 ජාතික භෞතික සැලැස්ම” මගින් යෝජනා කර ඇතැයි එජාප පා.ම එඞ්වඞ් ගුණසේකර මහතා පවසයි.
සිරිකොතදී අද පැවති මාධ්‍ය හමුවකදී ”2011 ජාතික භෞතික සැලැස්ම” පොත මාධ්‍යයට අනාවරණය කරමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.
මෙම පොත එවකට විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අමාත්‍යංශය විසින් සැකසූවක් බවත්, අදාළ පාලම තැනීම සඳහා අයෝජන මණ්ඩලය හා මහමාර්ග අමාත්‍යංශය සම්බන්ධ කර ගැනීම සඳහා යෝජනා කර ඇති බවත්, ඔහු කියා සිටියේය.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාලමක් හැදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවට චෝදනා නඟන්නේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරු බවද පැවසූ ඒ මහතා මෙම පොතින් එහි සත්‍ය අසත්‍යතාවය හෙළිවන බවද පෙන්වාදුන්නේය.