• Sat. Jan 28th, 2023

රාජපක්ෂලා එක්ක මැර වැඩ කරපු කැප්ටන්ව මරන්න කොන්ත්‍රාත්තුවක් දීලා..!!

BySandun

Sep 1, 2016

රාජපක්ෂ සමයේදී නොයෙකුත් අපරාධ සිදුකිරීම නිළලත් යුධ හමුදා නිළධාරියකු මෙන්ම මේ වන විට වැඩ තහනම් කොට ඇති කැප්ටන් භාරත කොඩිතුවක්කු ඝාතනය කිරීමේ මෙහෙයුමක් මේ වන විට අනාවරණය වී තිබේ.

14194325_10207067955325751_1951281847_nනිදන් හැරීම,පුද්ගලයන්ට පහරදීම්,පැහැර ගැනීම් ආදී සිද්ධීන් රැසකට සම්බන්ධ සැකකරුවකු වන මොහු අධිකරණයේ ඇප ලබා පැමිණ ඇත.පසුගිය 30වනදා රාත්‍රීයේ මාතර වැල්ලමඩම රුහුණු විශ්ව විද්‍යාලය අසලදී රාත්‍රී 7.50පමණ වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීමට උත්සහ දරා ඇත.එහෙත් ටී56 ගිණි අවිය ක්‍රියාත්මක වී නැති නිසා භාරත ජීවිතය බේරාගෙන ඇත්තේ විශ්ව විද්‍යාල වත්තට පැනගෙනය.

ඉන් පසුව ඔහුව පොලීසියට බාරකොට ආරක්ෂාව සහිතව පිටත් කර යවා ඇත.

14159772_10207067955365752_1791648855_nකෙසේ වෙතත් සිද්ධියෙන් පසුව ඊයේ(31) උදෑසන දෙවිනුවර කුරුඳුවත්ත කනිෂ්ඨ විද්‍යාලයෙහි ක්‍රීඩා පිටියේ දී වෑන් රථය අත් හැර දමාගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.කෙසේ වෙතත් මොහු රාජපක්ෂ සමය තුළ සිදුකළ ඝාතන රැසක තොරතුරු දන්නා නිසා මොහු පසුපස රාජපක්ෂ අවතාර සැරිසරණ බවට සැකයක් උද්ගත වී ඇත.භාරත සහ ඔහුගේ මල්ලී වන මුර්ති නාමල් රාජපක්ෂගේ අගසව් ලෙස පසුගිය කාලයේ ජීවත්ව ඇත.භාරත පසුගිය ආණ්ඩුවේ තුන්වන ගැමුණු හේවා බලඇණියේ මාතර යුධ හමුදා කඳවුරේ අණදෙන නිළදාරියාද වේ.

14159792_10207067955165747_1899372317_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *