හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය මැතිවරණ සඳහා පෝස්ටර්, කටවුට් හා බැනර් භාවිතා කළ ආකාරය පිළිබඳව ඔහුට විවිධ චෝදනා එල්ල වන්නට විය. පසුගිය ජනපතිවරණය ඒ සඳහා හොඳම උදාහරණයයි. එහිදී එම කරුණු විවේචනය කරමින් සමාජ මාධ්‍ය හරහා විශාල විරෝධයක් ගෙන ගියේය. එසේම හිටපු ජනපතිවරයාගේ මැතිවරණය මෙහෙයවූවන් සිදුකළ එම ක්‍රියාමාර්ගය හේතුවෙන් ඔහුගේ ඡන්ද ව්යාපාරටද දරුණු බලපෑමක් ඇතිවිය.
නමුත් එවකට පොදු අපෙක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඡන්ද ව්‍යාපාරයේදී පෝස්ටර්, කටවුට් හා බැනර් භාවිතය අවම වශයෙන් සිදුකළ අතර ඒ සඳහා වැය වන මුදල් ඉතිරිකර වකුගඩු අරමුදලක්ද ස්ථාපිත කළේය.
මෙවැනි වාතාවරණයක් යටතේ එළැඹෙන 04 දා කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සුබ පතා කොළඹ නගරයේ මංමාවත්හි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව රැගත් පෝස්ටර් කටවුට් හා බැනර් විශාල ලෙස ප්‍රදර්ශනය කර තිබේ. විවිධ පාර්ශ්ව විසින් මෙම ප්රචාරක පුවරු නිර්මාණය කර තිබෙන අතර එය පක්ෂයට සුබ පැතුම් එක්කරමින් සිදුකර තිබේ.
කෙසේ වෙතත් එයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව යොදා ගැනීම හේතුවෙන් එය ජනපතිවරයා පොදු අපේක්ෂකයෙකු ලෙස ගෙන ආ ශ්‍රේෂ්ඨ සංකල්පය හෑල්ලුවට ලක් කරන සිදුවීමක් බව විචාරකයන්ගේ අදහසයි. කොළඹ දිස්ත්‍රික්කයේ නිදහස් පක්ෂ සංවිධායකයන් විසින් මෙම ක්‍රියාමාර්ගය සිදුකර තිබේ. එසේම මේ වන සමාජ මාධ්‍යයේ මේ පිළිබඳව විශාල කතිකාවතක්ද නිර්මාණය වී තිබේ. විවිධ පාර්ශ්ව වලින් සිදුකරන මෙම ක්‍රියා හේතුවෙන් ජනපතිවරයාගේ නමට නම් සිදුවන්නේ පිරිමැසිය යුතු පිරිවැයකි.
කරුණු මෙසේ වෙද්දී වාර්තා වන අන්දමට පසුගිය වුරුද්දේ ද මෙවැනිම ආකාරයෙන් කටවුට්, පෝස්ටර් ප්‍රතික්ෂේප කල මෛත්‍රී ජනාධිපතිවරයා හිටපු අයවලුන් මෙන් සතුටින් පිනා යැයි කියා සිතා ළකුණු දා ගැනීමට මැති ඇමතීන් කලමෙවන් වැඩ වලට කුණු බැණුම් ඇසූ බව නොරහසකි. එවැනි දෙයක් ඉතා ආසන්න බවනම් දැන් දැන් වාර්තා වේ.
නිදහස් පක්ෂ සංවත්සරයට කොළඹ නගරයේ එක්කොට ඇති සුබ පැතිමේ පෝස්ටර් පහතින්,
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ වෙනුවෙන් පෝසටර්, කටවුට්, බැනර් යොදාගත් අයුරු
හිටපු ජනපතිවරයාගේ මැතිවරණය වෙනුවෙන් පොස්ටර්, බැනර් හා කටවුට් යොදාගැනීම සමාජ මාධ්‍යයේ විවේචනයට ලක්වූ අවස්ථාවක ඡායාරූපයක්
– See more at: https://www.ada.lk/article/181217/%E0%B6%9A%E0%B6%A7%E0%B7%80%E0%B7%94%E0%B6%A7%E0%B7%8A-%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9-%E0%B6%86%E0%B6%BA%E0%B7%99%E0%B6%AD%E0%B7%8A-%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B6%BA%E0%B7%92#sthash.QC9H8eCF.dpuf