• Thu. Feb 2nd, 2023

තෙරේසා මව්තුමිය ශාන්තුවරියක් ලෙස නම් කරයි..!

BySandun

Sep 4, 2016

කොල්කටා නගරය කේන්ද්‍ර කොටගෙන ඉන්දියාවේ දුගී ජනතාවට පිළිසරණ වෙමින් ඉමහත් මෙහෙවරක නිරතවූ තෙරේසා මව්තුමිය අද සිට නිල වශයෙන් ශාන්තුවරියක බවට පත් කෙරිණ.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී පැවති උත්සවයකදී ඇය මෙලෙස ශුද්ධවරයට ඔසවා තැබුණු බවයි විදෙස් වාර්තා පැවසුවේ.

නමුත් ඇතැම් පිරිස් ඇය ශාන්තුවරයට එසවීමට ඇති සුදුසුකම් පිළිබඳව ප්‍රශ්න කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කලේයත

1950 දශකයේදී මිෂනරීස් ඔෆ් ද චැරටි  සංවිධානය පිහිටුවා සිය සමාජ මෙහෙවරේ නිරතවූ ඇය නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවාය.

වතිකානුව විසින් ශාන්තුවරියක ලෙස පත් කිරීමට පෙර සිටම කොල්කටාවාසීන් ඇය හඳුනාගෙන සිටින්නේ පැල්පත්වල ශාන්තුවරිය ලෙසයි._91008321_hi035041117 _91008325_gettyimages-166452832 _91008323_gettyimages-481607249

_91020403_mediaitem91020402 _91020408_035091797-1 _91020406_035091771-1 _91020410_035091930-1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *