• Fri. Feb 3rd, 2023

”සංහිඳියා පාගමන ට රැවෙටෙන්න එපා” – මානව හිමිකම් කොමිසමේ නිවේදනයක්

BySandun

Sep 4, 2016

ඊනියා මානව හිමිකම් සංවිධානයක් රාජ්‍ය ලාංඡනයයොදා ගමින්, මානව හිමිකම් කොමිසම් සභාව ලෙසට පෙනිසිටිමින්, සංහිඳියා පාගමක් පවත්වන බවට ගෙනයන ප්‍රචාරය හා මුදල් එකතු කිරිම පිළිබඳව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සිය අවධානය මේ වන විට යොමුකර ඇත.

මෙම ඊනියා සංවිධානය මොටර් රථ වල මානව හිමිකම් සංවිධානය ක් ලෙසට ස්ටික්ර් ගසාගෙන, පොලිසි වලට යන බව දැන ගන්නට ඇතැයි පානදුර කේන්ද්‍රකොටගෙන ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධානයක් වු ජනසංසදයද සිය වෙබ් අඩවියේ විශේෂ සටහනක් මේ සම්බන්ධයෙන් යොමුකර තිබේ.

මෙවන් ප්‍රකාශයක් ශ්‍රිලංකා මානව හිමිකම් කොමිසමට නිකුත් කිරිමට සිදුව ඇත්තේ වෙන්නප්පුවේ පිහිටි ශ්‍රිලංකා මානව හිමිකම් සංවිධානය යැයි නම සදහන් කණ්ඩායමක් රාජ්‍ය ලාංඡනය මෙන්ම මානව හිමිකම් කොමිසමේ ලාංඡනයටද සමාන කමක් දක්වන ලාංඡනයක්ද සහිතව මේ දිනවල ක්‍රියාත්මක කරගෙන යමින් තිබේන සංහිදියා චාරිකාවක් හේතුකොට ගෙනය.

HRCSL-Media-Statement-Sin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *