• Mon. Feb 6th, 2023

අලුත් කෙනෙක් එක්ක සනී ලියෝන් කරන අලුත් වැඩේ.

BySandun

Sep 5, 2016

බොලිවුඩයේ “බාබිඩෝල්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සරාගි නිළි සනි ලියොන් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයක රූපගත කිරීම් කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතියි. රජිව් වාලියා නම් නවක අධ්‍යක්ෂවරයෙකු යටතේ නිර්මාණය වන මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ “තෙරා ඉන්තසාර්” නමිනි.

මෙහි සනී ලියොන් සල්මාන් ඛාන්ගේ වැඩිමහල් සොහොයුරු අර්බාස් ඛාන් හා අමීර් ඛාන්ගේ ඥාති සොහොයුරු ආර්යා බබ්රා සමගින් රංගනයෙන් දායක වෙති. මොවුන් දෙදෙනාම සනී ලියොන් සමගින් රංගනයෙන් දායක වන පළමු අවස්ථාව මෙන්ම, රජිව් වාලියාගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය මෙය වීම විශේෂත්වයකි.

“තෙරා ඉන්තසාර්” චිත්‍රපටය සුන්දර ආදර කතාවක් පදනම් කරගෙන නිර්මාණය වන්නකි.

sunny-002

Leave a Reply

Your email address will not be published. Required fields are marked *